WhatsApp: සත්‍යය සහ අසත්‍යය අතර ඛණ්ඩනය

WhatsApp  පිළිබඳව මේ වන විට එම සේවාව භාවිත කරන්නන් අතර විශාල සාකච්ඡාවක් නිර්මාණය වී තිබෙනවා. නමුත්, එම සංවාදය සහ එමඟින් බෙදාහැරෙන තොරතුරු අතර කිසියම් පරස්පරයක් දැකිය හැකියි. ඒ නිසා මේ පිළිබඳව වන සත්‍ය තොරතුරු දැනගැනීම ඉතාම වැදගත්. මොක ද? අදාළ සමාගම් සත්‍ය තොරතුරු පරිශිලකයන් දැනගන්නවාට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් හැකි සෑම විටම සත්‍ය තත්ත්වය මඟහැර යාමට උත්සාහ කරනවා. ඒ වගේම තමන්ට පක්ෂපාත කණ්ඩායම් නිර්මාණය කර සත්‍යය නොවන තොරතුරු බෙදාහරිනවා. ඒ නිසා අදාළ තොරතුරු අතර මා දන්නා කරුණු කිහිපයක් මෙම ලිපිය තුළ සාකච්ඡා කෙරෙනවා.

මොකක්ද මේ අලුතින් වෙන්න යන දේ. මෙවර සිදු වන්නේ අනිවාර්යයෙන්ම භාවිත කරන්නන් මේ සඳහා අවසර දිය යුතුයි. එයින් සිදු වන්නේ 2016දී විකල්පයක් ලෙස එසේ කරනවාට අකැමැත්ත ප්‍රකාශ කිරීමට ලබා දුන් සිත සනසන විකල්පය ඉවත් කිරීම පමණයි. නැතිනම් ස්වාධීනව සිටීමට 2016දී දී තිබූ ප්‍රකාශිත අයිතිය නිල වශයෙන් ඉවත් කර තිබෙනවා. මීට දින කිහිපයකට කලින් තමයි WhatsApp වල මේ Terms And Conditions අලු‍ත් වෙන්න පටන් ගත්තේ. ඔවුන් මේ වන විට ප්‍රකාශ කරන්නේ ෆේස් බුක් සමාගමට අයත් සියලු ම සමාගම් අතර මෙම දත්ත හුවමාරු කරන බවයි.

WhatsApp කියන්නේ, මේ වන විට ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය හා වැඩිම භාවිතයක් ඇති මැසේජින් ඇප් එක. 2020 වසරේ මුල් කාර්තුව අවසන් වන විට ‘වට්ස් ඇප්’ භාවිත කරන්නන්ගේ ප්‍රමාණය බිලියන 2 ඉක්මවා ගියා. ඇත්තෙන්ම දැන් එම ප්‍රමාණය අවම වශයෙන් බිලියන 2.2 ඉක්මවා ඇති. ඒ වගේම මෙම ඇප්ලිකේෂණය ලෝකයේ රටවල් 180ක පමණ මේ වන විට භාවිත කරනවා. ඒ අනුව ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක භාවිත කරන මේ පන්නයේ ඇප් එක වෙන්නේත් වට්ස් ඇප්. වට්ස් ඇප් සමාගම 2014 වසරේ දී ෆේස් බුක් සමාගම විසින් මිලට ගනු ලැබුවා. ඒ ඇමෙරිකානු ඩොලර් බිලියන 19කට. මෙම මිල දී ගන්නා අවස්ථාව වන විට ලොව පුරා වට්ස් ඇප් භාවිත කරන්නන් සිටියේ මිලියන 600ක් පමණයි. මිල දී ගන්නා අවස්ථාවේ දී මාර්ක් සකර්බර්ග් නැති නම් ෆේස් බුක් සමාගමේ ප්‍රධානියා පැවසුවේ මෙම ෆ්ලැට්ෆෝම් දෙක වෙන වෙනම ස්වාධීන ලෙස පවත්වා ගෙන යන බවයි. එමෙන්ම පෞද්ගලිකත්වය සහ දත්තවල ආරක්ෂාව වෙන වෙනම සුරකින බවයි. නමුත්, මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති අය දන්නවා අදාළ ෆ්ලැට්ෆෝම් එකේ ඇඩ්මින් එක හමු වුණාම එහි ඇති පෞද්ගලික දත්ත සියල්ල ද, ඊට ප්‍රවේශ වීමට ඇති හැකියාව ද අදාළ අයවලුන්ට ලැබෙනවා. නමුත්, End to end encryption නැතිනම් ආරම්භයේ සිට අවසානය දක්වා මෙහි රහසිගත බව සුරැකෙන බව අදාළ සමාගම ප්‍රකාශ කරනවා. ඇත්තටම මෙයින් වන්නේ පරිශීලකයන්ගේ විශ්වාසය ඇති කිරීම සඳහා එවැන්නක් ප්‍රකාශ කිරීම පමණයි. ඒ වගේම එම සමාගම නොදැන වෙන අයට මේ දත්ත ගන්න බැහැ (හැකරුන්ට හැරෙන්න). ඒ වගේම ව්‍යාපාරයේ විශ්වසනීයත්වය උදෙසා ඔවුන් එහෙම වෙන අයට ලෙහෙසියෙන් එම දත්ත දෙන්නෙත් නැහැ. නමුත්, අප තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අවශ්‍ය ඕනෑම වේලාවක ඔබගේ පෞද්ගලික දත්ත වෙත ඔවුන්ට ප්‍රවේශ විය හැකියි.

වට්ස් ඇප් මිලදී ගන්නා අවස්ථාවේ දී විවිධ දේ පෞද්ගලිකත්වය ගැන සකර්බර්ග් කිව්වත්, 2016දී තත්ත්වය වෙනස් වුණා. එහි දී වට්ස් ඇප් හි Privacy Policy එක වෙනස් කරනු ලැබූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ අනුව මෙම ෆ්ලැට්ෆෝම් දෙක අතර ඒ කියන්නේ ෆේස් බුක් සහ වට්ස් ඇප් අතර දත්ත බ්‍රිජ් කරන්න (Data Bridge) අදාළ සමාගම කටයුතු කරනු ලැබුවා. නැතිනම් මේ ෆ්ලැට්ෆෝම් දෙක අතර දත්ත ෂෙයාර් කරන්න පටන් ගත් බව නිල වශයෙන් ප්‍රකාශ කළා. නමුත්, මෙහි දී භාවිත කරන්නන්ට අවශ්‍ය නම්, ඊට අකැමැත්ත ප්‍රකාශ කර ස්වාධීනව සිටිය හැකි බව වට්ස් ඇප් සමාගම ප්‍රකාශ කළා. එය පරිශිලකයන්ට ලබා දුන් අල්ලසක් මිස ඇත්ත නෙමෙයි. මොක ද? ඒ වන විටත් අදාළ බ්‍රිජ් කිරීම සිදු කර අවසන්. නමුත්, ඊට ඇතැම් රටවලින් විරෝධතා පැනනැඟුණා. නිදසුනක් ලෙස යුරෝපා සංගමය මෙම බි්‍රජ් කිරීමට දැඩි ලෙස විරුද්ධ වුණා. අවසානයේ දී එම රටවල් 27 ගිණුම් එලෙස බ්‍රිජ් නොකරන බව ෆේස් බුක් සමාගම ප්‍රකාශ කළා. පෞද්ගලිකත්වය ගැන ඉහළින් හිතන රටවල් වැඩ කරන්නේ එහෙම. නමුත්, මෙහි ඇති ඇත්ත තත්ත්වය තමයි අපි කැමැති වුණත් නැතත්, ඔවුන් ඒ දේ ඒ වන විටත් සිදු කර අවසන්ව තිබීම. දැන් නැවතත් අලු‍ත් කතිකාවක් මෙම වට්ස් ඇප්වල Privacy Policy ගැන ඇති වෙලා.

මොකක්ද මේ අලුතින් වෙන්න යන දේ. මෙවර සිදු වන්නේ අනිවාර්යයෙන්ම භාවිත කරන්නන් මේ සඳහා අවසර දිය යුතුයි. එයින් සිදු වන්නේ 2016දී විකල්පයක් ලෙස එසේ කරනවාට අකැමැත්ත ප්‍රකාශ කිරීමට ලබා දුන් සිත සනසන විකල්පය ඉවත් කිරීම පමණයි. නැතිනම් ස්වාධීනව සිටීමට 2016දී දී තිබූ ප්‍රකාශිත අයිතිය නිල වශයෙන් ඉවත් කර තිබෙනවා. මීට දින කිහිපයකට කලින් තමයි WhatsApp වල මේ Terms And Conditions අලු‍ත් වෙන්න පටන් ගත්තේ. ඔවුන් මේ වන විට ප්‍රකාශ කරන්නේ ෆේස් බුක් සමාගමට අයත් සියලු ම සමාගම් අතර මෙම දත්ත හුවමාරු කරන බවයි. ඒ කියන්නේ ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, මැසෙන්ජර්, Oculus VR, Onavo” Beluga ඇතුළු සමාගම් 15කට අධික ප්‍රමාණයක් ෆේස් බුක් සමාගමට අයිතියි. මේ සමාගම් අතර අදාළ දත්ත හුවමාරු වන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමක් පමණයි මෙහි දී සිදු වන්නේ. ඒ අනුව 2016දී ලබා දුන් නාමික විකල්පය ඉවත් කර තිබෙනවා. ඔවුන් කියන කොන්දේසියට එකඟ වීමට බැරි නම් ගිණුම වසා දමන බව වට්ස් ඇප් සමාගම පවසනවා. එය කෙතරම් සදාචාරත්මක ද යන්න ඔබ තීරණය කරන්න. දැනට ඔබට ඇවිත් නැතිනම් ඊට අදාළ නොටිෆිකේෂන් එක ඉදිරියේ දී ඔබ වෙත එයි. එහි දී ඔබට සිදු වන්නේ ඊට එකඟ වීම (Agree) පමණයි. මෙයට ඇග්‍රී වීමත් සමඟ පෙබරවාරි 08දා සිට ඔබේ සියලු ම දත්ත ෆේස් බුක් සමාගම් අතර හුවමාරු වන බව ඔවුන් කියනවා.

මොනවද වට්ස් ඇප් ඔබගෙන් ලබා ගෙන සෙසු සිය සමාගම් සමඟ හුවමාරු කර ගන්නා දත්ත. location data, IP addresses, phone model, OS,  ිbattery level, signal strength, browser, mobile network, language, time zone සහ  ඇත්තෙන්ම ඔබේ ජංගම දුරකථනයේ  IMEI  අංකය පවා ඔවුන් ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. එමෙන්ම ඔබේ පණිවුඩ හුවමාරු කරන රිද්මය, ඇමතුම් ගන්නා ආකාරය, වට්ස් ඇප් ගෲප් පිළිබඳ විස්තර, දුරකථන අංක, හුවමාරු කර ගන්නා පින්තූර, වීඩියෝ ආදී සියල්ල ඔවුන් විසින් ලබා ගන්නවා. එමෙන්ම ඔබගේ චර්යාවන්, කෙතරම් කාලයක් වට්ස් ඇප් පරිශීලනය කරනවා ද යන්න, ඔබ ප්‍රිය කරන දේවල් මේ සියල්ල ඔවුන් ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, සිදු කරන ගෙවීම් සියල්ලට අදාළ තොරතුරු ඔවුන් ලබා ගන්නවා. ඒ සඳහා විවිධ උපායමාර්ග ඔවුන් භාවිත කරනවා. ඇතැම් විට ඔබ විසින් යොමු කරන ඇනිමේෂන් සුභ පැතීමක්, ඔවුන් විසින් ලබා දෙන වෙනත් සුභ පැතීමේ ක්‍රමවේදයක්, ඉමෝජි එකක් ඔත්තුකරුවකු විය හැකියි. මේක සාමාන්‍ය දෙයක්. අදාළ ෆ්ලැට්ෆෝම් එකේ පුද්ගලයන්ගේ දත්ත ලබා ගැනීම, ඔවුන්ගේ වැඩිදියුණු කිරීම්, වෙනත් පාර්ශ්ව වෙත දත්ත අලෙවි කිරීම, Digital Analytics සඳහා මේවා භාවිත කරනවා. එකිනෙකින් වෙනස් ෆ්ලැට්ෆෝම් අතර පරිශීලකයන් ගේ අනන්‍යතාව සහ ඔවුන්ගේ කැමැති අකැමැති දෑ සොයා හුවමාරු කර ගන්නවා.

නමුත්, මෙහි ඇති අනෙක් නොකියන කරුණු තමයි, ඉතා වැදගත්. මේ වන විට ලෝකයේ විශාලතම තනි ඒකීය වෙළෙඳපළ වන්නේ ෆේස් බුක් පරිශීලකයන් පිරිසයි. නැතිනම් ෆේස් බුක් ෆ්ලැට්ෆෝම් එකයි. ප්‍රමාණය ලෝක ජනගහනයෙන් බිලියන 2.7ක්. එතකොට ජාතික සීමා, ජාතික රාජ්‍ය වගේ සංකල්ප වෙළෙඳාම තුළ අදාළ වීම වේගයෙන් ක්ෂය වෙමින් තිබෙනවා. දැන් ෆේස් බුක් එකට ඕනෑ ඊටත් වඩා දැවැන්ත ඒකීය ගෝලීය වෙළෙඳපළක් නිර්මාණය කරන්න. වැඩි කල් යන්න පෙර ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, මැසෙන්ජර් එකතු කරලා ලෝකයේ දැවැන්තම ඒකීය වෙළෙඳපළ නැතිනම් ‘කොමන් ෆ්ලැට්ෆෝම්’ එකක් ඔවුන් නිර්මාණය කරාවි. මේ යන්නේ ඒ දිශාවට. ධනේශ්වර ක්‍රමයේ පෙනුමේ සිදු වන මෙවැනි රූපාන්තරණයන් පැහැදිලි ලෙස සිහිබුද්ධියෙන් තේරුම් ගත යුතු වෙන්නේ මේ නිසා. එහෙම තේරුම් ගත්තම වට්ස් ඇප් එක අපේ දත්ත හොරකම් කරන්න හදනවා වාගේ ව්‍යාජ පඹගාල්වල පැටළෙන්නේ නැහැ●

අනුහස් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.