OPPO වෙතින් 2021 වසරටත් සුවිශේෂී සැලැසුම් රැසක්

2004 වසරේ දී ආරම්භ වූ OPPO සමාගම මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් සාර්ථක වසර 16ක් සම්පූර්ණ කර ඇති අතර, OPPO නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දී වසර 5ක් සපිරී තිබේ. ගත වූ වසර 5 තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමයක් බවට පත් වීමට සමත් වූ OPPO 2020 වසර තුළ දී නව නිෂ්පාදන හා සේවාවන් රාශියක් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කළ අතර, ඒ සඳහා පාරිභෝගිකයන් වෙතින් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි.

ඒ අනුව 2020 වසර තුළ දී OPPO F5, F7, F7 Pro සහ Reno 3 යන මාදිලි වෙළෙඳපොළට හඳුන්වා දීම සිදු විය. ක්‍රියාකාරීත්වය මෙන්ම අලංකාරය අතින් ද සුවිශේෂී ඉදිරි පියවරක් වූ Enco හෙඩ්ෆෝන් උපාංග එකතුව ද මෙම වසර තුළ දී හඳුන්වා දෙන ලද අතර, ඉහත සඳහන් කළ දුරකථන මාදිලි මෙන්ම Enco W 51, Enco Free සහ Enco මාදිලි එකතුවේ අනෙකුත් උපාංග ද පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ දීි ‘Technology for Mankind – Kindness for the World’ යන තේමාව යටතේ OPPO විසින් ‘INNO DAY’ වැඩසටහනේ 2020 අදියර අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදී. ‘INNO DAY’ යනු ක්ෂේත්‍රයේ විශේෂඥයන්, හවුල්කරුවන් හා ප්‍රමුඛ මතධාරීන් අනාගත තාක්ෂණය පිළිබඳව අදහස් සාකච්ඡා කරන වාර්ෂික වැඩසටහනකි. මෙවර ‘INNO DAY’ වැඩසටහන තුළ දී flexible display සහ structural stacking හැකියාවන් සහිත rollable handset වර්ගයේ දුරකථනයක් වන OPPO X හඳුන්වා දෙන ලදී. එමෙන්ම 2021 වසරේ දී සියලුම ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ෆෝන් මාදිලි සඳහා හඳුන්වා දීමට නියමිත Full-path Color Management System හඳුන්වා දීම ද මෙහි දී සිදු විය.

“පසුගිය වසර තුළ දී පුරෝගාමී පියවර රැසක් තැබීමට අපට හැකියාව ලැබුණා. F 15 මාදිලිය හඳුන්වා දීමේ දී නව සම්ප්‍රදායයක් සනිටුහන් කරමින්, එම අවස්ථාව මුළුමනින්ම virtual ක්‍රමයට සිදු කිරීමට අප කටයුතු කළා. නව වසර තුළ දීත් අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙනුවෙන් නව නිෂ්පාදන හා සේවාවන් රාශියක් හඳුන්වා දීම අපගේ බලාපොරොත්තුවයි.” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය●

Leave A Reply

Your email address will not be published.

2 × 4 =