දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් 21 දෙනෙකුට කොරෝනා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් 21කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී දළදා මාළිගා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකුට කොරෝනා වැළඳී
ඇති බව තහවුරු වීමෙන් පසු තවත් පිරිසකට ඊයේ (16) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

එහිදී මෙම පොලිස් නිලධාරීන්ද ආසාදිතයන් බව අනාවරණය වී ඇත. එම හේතුවෙන් දළදා මාළිගා පොලිසියේ පොලිස් නිලධාරීන් 231 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඒ වෙනුවට වෙනත් පොලිස් කණ්ඩායමක් එහි සේවයට යොදවා ඇත.

මේ අතර පොලිස් ස්ථානය තුළ කාර්යාල රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට පමණක් වෛරසය ආසාදනය වී ඇති බවත් මාලිගාව තුළ සේවය කරන පොලිස් නිලධාරීන් කිසිවෙකුට හෝ මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ පැවසීය.

Leave A Reply

Your email address will not be published.

6 + eleven =