වන අලි ගැන කියමින් ‘බීරි අලින්ට’ විරෝධය
මහියංගණය, මිනිපේ සහ රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මුහුණ දෙන වන අලි තර්ජන නිසා ජන ජීවිතය අඩාළ වී ඇති බවත්, මෙතෙක් ඊට නිසි විසඳුමක් දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් පවසමින් මහියංගණය, පදියතලා මාර්ගයේ ඇළෑවෙල මංසන්ධියේ දී පසුගිය දා විරෝධතාවක් පැවැත්විණි.
මහියංගණය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අලි හානි බහුලව සිදු වන ප්රදේශ ලෙස සොරබොර, දෙහිගොල්ල, මාපාකඩවැව, මැදයාය, දඹගොල්ල, පඟරගම්මන, රොටලවෙල, දිවුලපැලැස්ස, උල්හිටිය, බෙලිගල්ල, දඹාන, ඇළෑවෙල, දම්බරාව, වේවත්ත යන ප්රදේශත් රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් බලප්රදේශයේ සේරාන, අරාවත්ත, ඔරුබැඳිවැව, තිස්සපුර, කෙසෙල්පොත, කඳුබැද්ද, ආඳාඋල්පොත, කුරුවිතැන්න, නාගදීප ආදි ගම්මාන දැනට හඳුනාගෙන ඇත●