වොෂින්ටන් ඇතුළු ජනපද රැසක ආරක්ෂාව තර කරයි

ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ඇතුළු තවත් ජනපද රැසක ආරක්ෂාව තර කිරීමට ඊයේ (16) සහ අද (17) පියවර ගෙන තිබේ.

ජනාධිපති ජෝ බයිඩන් ලබන 20 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති අතර මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ වොෂින්ටන් අගනුවර ඇතුළු රටේ ජනපද සියල්ලේම ආයුධ සන්නද්ධ සහ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙනු ඇතැයි මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමට බලධාරීහු පියවර ගත්තේය.

එෆ්.බී.අයි අනතුරු ඇඟවීමට අනුව ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් නුවර සහ තවත් ජනපද 50 සියලු අගනගරවල ආයුධ සන්නද්ධ විරෝධතා පැවැත්වෙනු ඇතැයි සඳහන් ය.

මෙලෙස විරෝධතා පවත්වනු ඇතැයි අනතුරු අගවා ඇත්තේ, ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කණ්ඩායම් විසිනි.

Leave A Reply

Your email address will not be published.

1 + one =