Uber 5වැනි සංවත්සරය සමරයි

Uber සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී මේ වන විට වසර 5ක් සම්පූර්ණ වේ. මෙම කාලය තුළ මඟීන් මිලියන 1.8කට ප්‍රවාහන සේවා සලසමින් ගමන් වාර මිලියන 53ක් සම්පූර්ණ කර ඇති Uber, රියැදුරන් 1,10,000කට අධික පිරිසකට ජීවනෝපාය මාර්ගයක් නිර්මාණය කර දී තිබේ.

2015 සිටම Uber මෙරට ජනතාවට පහසු, ලාභදායී හා කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් පිරිනමා ඇත. 2019 වසරේ දී මෙරට ප්‍රථම වරට යතුරුපැදි සේවාවක් ද හඳුන්වා දීමට Uber කටයුතු කළේ ය. මෙය සුළු ගාස්තුවක් යටතේ කෙටි දුර ගමන් යාම සඳහා ඇති අගනා විසඳුමකි.

Uber පස් වසරක ගමන්මඟ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එහි ශ්‍රී ලංකා ප්‍රධානී සුබෝධ් සංග්වාන් මහතා මෙසේ පැවසී ය: “නවෝත්පාදන ඔස්සේ ශ්‍රී ලංකාවේ අපගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු කිරීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ජනතාව නව ජීවන රටාවකට හුරු වෙමින් සිටින මේ මොහොතේ, තාක්ෂණය ඔස්සේ පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටීමට රටට අත්වැලක් වෙමින්, අප සමග සම්බන්ධ වී සිටින රියැදුරන්ට සිය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසමින් අඛණ්ඩව ඉදිරියට යාම අපගේ ඉලක්කයයි.”

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ කුලී ගමන් සේවාව හඳුන්වා දුන් ප්‍රථම Ridesharing සමාගම වූයේද Uber සමාගමයි. පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව මඟින් සහනදායී මිලකට පැය කිහිපයක් සඳහා නැවතුම් කිහිපයක් සහිත ගමන් සේවා ලබා ගත හැකි වේ●

Leave A Reply

Your email address will not be published.