එස්.එෆ්.ලොක්කා’ ගැන විමර්ශනවලට ‘මෑණි’ අත තිබ්බාද?
එස්.එෆ්. ලොක්කා නමින් හැඳින්වුණු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ විමර්ශන එක්වරම මන්දගාමී වී තිබේ.
මේ පුද්ගලයා අනුරාධපුරයේ මෑණි කෙනකු සමඟ කාලයක පටන් ගනුදෙනුවක් පවත්වා ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත. මේ පිළිබඳව ඔහුගේ හිතවතුන් ද දැනසිට ඇත. පසුව මේ දෙදෙනා අතර විරසකයක් ඇති වී තිබේ. ඊට හේතු වී ඇත්තේ එස්.එෆ්.ලොක්කා ඇයගෙන් ද කප්පම් ලබාගැනීමට උත්සාහ කිරීම බවට කසුකුසුවක් පොලිසිය තුළ පවතී. එහි දිගුවක් ලෙස මේ මේ ඝාතනය සිදු වූයේද යන්න පිළිබඳ සැකයක් පැවතියද, ඊට අදාළ සාක්ෂි ලබාගැනීමට නොහැකි වී ඇත්තේ අදාළ පරීක්ෂණ මන්දගාමී වීම නිසා බව ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.