කුරුණෑගල ඩී.අයි.ජී.ට පොලිස් කොමිසමෙන් තෑග්ගක්

6

වෛද්‍ය සාෆි ශිහාබ්දීන් විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලදැයි යන සාවද්‍ය පුවත නිර්මාණය කරමින් රට තුළ ජාතිවාදී කෝලාහලයක් ඇතිකරවීමට උත්සාහ දැරූ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එම දිසාවට අමතරව පුත්තලම දිසාවත් භාරදී තිබේ.  මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිසම විසිනි.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ඉහත කී සිදුවීම සම්බන්ධයෙන් බරපතළ මට්ටමේ චෝදනා තුනක් කිත්සිරි ජයලත් වෙත එල්ල වී තිබියදීය.

මෙම වඳ සැත්කම් කතාව රෝපණය කිරීම සඳහා තමන්ට තොරතුරු ලබා දුන්නේ කිත්සිරි ජයලත් විසින් බවට එම පුවත රචනා කරන ලද දිවයින පුවත්පතේ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්ඡාරණය කර තිබිණි. එය දුරකථන දත්ත පරීක්ෂා කිරීමෙන් ද තහවුරු වී තිබිණි. 

Previous articleජාත්‍යන්තර විනිසුරන් එපා කී රතන හිමි ජාත්‍යන්තර වෙදැදුරන් කැඳවයි
Next articleසාෆි ළමයෙක් මාරු කළැයි කියන කතාවේ ඇත්ත හෙළිවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here