හම්බන්තොට ලීග් ෆුට්බෝල් – 2021

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන “හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය” 2021 ජනවාරි 17 දින ප.ව.3.00 ට තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පවත්වන මෙම පාපන්දු ලීග් තරගාවලිය සදහා දිස්ත්‍රික්කය නියෝජනය කරන කණ්ඩායම් 05 ක් තරගවදියි.

තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් තරග වැදීමට නියමිතයි.

තංගල්ල ලා ටැංගෝලියන්ස්, බෙලිඅත්ත පාපන්දු ක්‍රීඩා සමාජය, අම්බලන්තොට පාපන්දු ක්‍රීඩා සමාජය, හම්බන්තොට වයිට් ටයිගර්ස් සහ  කිරින්ද තරුණ ක්‍රීඩා සමාජය ඊට අයත් වේ.

මෙම  කණ්ඩායම් 05 තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, බෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ක්‍රීඩංගණය, හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ තුනෙහි මාස එක හමාරක් කාලයක් මෙම තරගාවලිය පැවැත්වේ.

අවසන් මහා තරගය තංගල්ල මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගණයේදී 2021.02.28 වන දින රාත්‍රී 6.00 සිට විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන බවයි ඊයේ (15) ක්‍රීඩා අමත්යනාශ ශ්‍රවනාගාරයේ පවතී මාධ්‍ය හමුවේදී පැවසුවේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා , ලේකම් ජස්වර් උමාර් ඇතුලු හම්බන්තොට ක්‍රීඩා සංවර්ධන පදනමේ නිළධාරීන් සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.