ජාත්‍යන්තර විනිසුරන් එපා කී රතන හිමි ජාත්‍යන්තර වෙදැදුරන් කැඳවයි

11

ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවේ යුධ අපරාධ සිදු වූයේ දැයි පරීක්ෂණ කිරීමට විරුද්ධව පෙරමුණ ගෙන කටයුතු කළ අතුරලියේ රතන හිමියන් වෛද්‍ය සාෆි ශිහාබ්දීන්ට විරුද්ධව පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තර වෛද්‍යවරු ගෙන එන බව පවසයි. උන්වහන්සේ මේ බව පැවසූයේ අද(27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී සාෆි ශිහාබ්දීන්ට එරෙහිව ගොණු කර තිබූ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ රතන හිමියන් “මතක තියා ගන්න.. මේ වාර්තාව අපි මුළු ලෝකෙටම අරන් යනව. අද මට එකග වෙලා තියෙනව, ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් වල, ප්‍රධාන ජාතික වෛද්‍ය පීඨය මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. ලබන සතියෙ අපි ඉන්දියාවෙ, දිල්ලියෙ වෛද්‍ය පීඨ වල වෛද්‍ය මහාචාර්යවරු ලංකාවට ගෙනල්ල මේ ගැන පරීක්ෂණ ආරම්භ කරනවා” යනුවෙන් පැවසීය.

එසේම ලංකාවේ පොලිසිය විශ්වාස කළ නොහැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනයට සහ මුදලට යට වී ඇති බවත් උන් වහන්සේ වැඩි දුරටත් පැවසීය.

Previous articleසාෆිට එරෙහි වඳ කාතාවට සාක්ෂි නැහැ – සී.අයි.ඩී.ය කියයි
Next articleකුරුණෑගල ඩී.අයි.ජී.ට පොලිස් කොමිසමෙන් තෑග්ගක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here