මෙරට කොවිඩ් මරණ ගණන 255 ක් වෙයි
අද (15) දිනයේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මෙම මරණ හතරත් සමඟ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 255 කි.
මෙම මිය ගිය අය කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 10 පදිංචිව 60 හැවිරිදි, නාවලපිටිය පදිංචි 78 හැවිරිදි, කොළඹ 15 පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.