රත්මලානේ අංජුගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග අල්ලයි

කොළඹ සංවිධානාත්මක අපරාධ අංශය මගින් මොරටුව ප්‍රදේශයේදි හෙරෝයින් ග්‍රෑම් 102 ක් සමග අවුරුදු 22 ක තරුණයෙකු පෙරේදා (13) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා විදේශ රටක සිට මත්ද්‍රව්‍ය වෙළෙදාමේ නිරත වන රත්මලානේ අංජු නැමැති සංවිධාන්තමක අපරාධකරුගේ සහචරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිසිය දිගින් දිගටම විමර්ශන කරනා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මීට අමතරව වැලිකඩ පොලිසිය මගින් රාජගිරිය ප්‍රදේශයේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 50 ක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රට පුරා කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 40 ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන තිබෙන බවද කීය.

Leave A Reply

Your email address will not be published.

twenty + 14 =