ජනාධිපති ආරක්‍ෂක අංශයටත් කොරෝනා

ජනාධිපති ආරක්ෂක අංශයේ 50කට අධික පිරිසක් මේ වන විට කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් තවත් 200කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ පිරිසක් මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල දී විශේෂ කාර්ය බළකායේ සෙබළුන් කිහිප දෙනකු කොවිඞ් ආසාදිතයන් ලෙස තහවුරු වී තිබේ. ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් යුද හමුදා නිලධාරීන් වන අතර, ඔවුන්ගෙන් පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ. කොවිඞ් ආසාදිත වූ පිරිස ජනාධිපතිවරයාගේ ආසන්නයේ සිටින පිරිස් නොව පිටත රාජකාරිවල නිරත වන පිරිසක් බව ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙක් කීවේය.

Leave A Reply

Your email address will not be published.