කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය

පසුගිය 2020 වසරේ මාර්තු මස සිට වසර අග දක්වා චීනයෙන් අපනයනය කෙරුණු වසංගත වැළැක්වීමේ සහ පාලන ද්‍රව්‍යවල වටිනාකම යුවාන් බිලියන 438.5 ක් බව චීන ජාතික රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලී කුවේ වෙන් ඊයේ(14) රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය. එම ද්‍රව්‍ය අතර මුඛ ආවරණ බිලියන 224.2 ක් අපනයනය කර ඇති අතර එහි වටිනාකම යුවාන් බිලියන 340 කි. එය චීනයෙන් පිටත සෑම කෙනෙකුටම මුඛ ආවරණ 40 ක් පමණ සැපයීමට සමාන වේ. එමෙන් ම චීනයෙන් වෛද්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල මිලියන 773 ක් ඇතුළු ආරක්ෂිත ඇඳුම්  බිලියන 2.31 ක් අපනයනය කර ඇත. වෛද්‍ය කටයුතු සඳහා භාවිතා වන ඇස් කණ්ණාඩි යුගල මිලියන 289 ක් සහ ශල්‍ය අත්වැසුම් යුගල බිලියන 2.92 ක් ද එම ද්‍රව්‍යවලට ඇතුළත්ය. ලොවපුරා විවිධ රටවල වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු වසංගත පාලන පුද්ගලයන් එම ද්‍රව්‍ය භාවිත කර තිබේ.

මේ අතර ගෙවුණු කාලය තුළ චීනය ඇතුළත  කොවිඩ් 19ට එරෙහි එන්නත් ලබාදී ඇති පිරිස කෝටියක් ඉක්මවයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය ඒකාබද්ධ ව වැළැක්වීම් හා පාලන යාන්ත්‍රණය පසුගිය 13 සවස මාධ්‍ය හමුවක් පැවැත්වීය. චීනය විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් තූර්කියේ දී වසංගත වැළැක්වීමේ අනුපාතය 91.25%කට ළඟා වී ඇතැයි එම මාධ්‍ය හමුවේ දී අණාවරණය විය. එම යාන්ත්‍රණය මගින් අදාළ වසංගත පාලන ක්‍රියා මාර්ග නිකුත් කර තිබෙන බව චීන රෝග වැළැක්වීමේ හා පාලන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල් Feng Zijian පවසයි. එමගින්, නිසි කලට ආසාදිතයන් හඳුනා ගැනීම හා පාලනය කිරීමට හැකිව තිබෙන බව ඔහු සඳහන් කරයි. ඒ නිසාම තුර්කිය තුළදී කොවිඩ් 19 වසංගතය විශාල පරිමාණයෙන් පැතිර යාමේ ඉඩකඩක් නැතැයි ද ඔහු කියා සිටී.

මේ අතර කොවිඩ් 19  එන්නත් හා වෛරස මූලාශ්‍රය හඳුනා ගැනීම පිළිබඳව චීනය සමග පවත්වන සහයෝගිතා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රසාදය පළ කරයි. ඒ මිට පෙර චීනය මේ සඳහා සහය නොදෙන බව පැවසීමෙන් දින කිහිපයකට පසුව වීම විශේෂකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරල් Tedros Adhanom Ghebreyesus පසුගිය 11 වනදා  පැවති මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කළේ ය. සුරක්ෂිත හා ඵලදායී කොවිඩ් 19 එන්නත් පර්යේෂණය කිරීම වේගවත් කරමින්, ගෝලීය වශයෙන් සාධාරණ ලෙස බෙදා හැරීම වේගවත් කිරීමට හැකිවනු ඇතැයි හෙතෙම අපේක්ෂා කරයි.‍

ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, ජපානය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, සූඩානය ඇතුළු රටවල් නියෝජනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික විශේෂඥ කණ්ඩායම මෙවන් විටත් චීනය බලා පිටත්ව ගොස් තිබේ. ඔවුන් චීන විශේෂඥයන් සමග කොවිඩ් 19 වෛරස මූලාශ්‍රය හඳුනා ගැනීමට අදාළ විද්‍යාත්මක පර්යේෂණ සිදු කරනු ඇති බව ද Tedros Adhanom අධ්‍යක්ෂ ජනරල්වරයා කියා සිටියි.

Michael Ryan

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි වැඩසටහනේ ප්‍රධානී Michael Ryan පැවසුවේ වෛරස මූලාශ්‍රය හඳුනා ගැනීම හා නව කොරොනා වසංගතයෙන් සිදු වී ඇති බලපෑම් අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය සැබෑ තත්ත්වයන්ට අනුව, අදාළ තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් ඕනෑ ම රටකට හෝ ඕනෑ ම ප්‍රදේශයකට හෝ යාමට අවශ්‍ය වන බවයි.

මේ වන විට චීනය කොරොනා එන්නත් මිලියන නවයක් පමණ ලබා දී ඇත. චීන ජාතික සෞඛ්‍ය සේවා කොමිසමේ උප අධ්‍යක්ෂ සෙන් යීෂීන් මහතා මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ ය. ඉලක්ක ගත පිරිස්වලට එන්නත් ලබා දීම පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා ඇරඹු බව ඔහු සඳහන් කරයි. ඒ සඳහා එන්නත් මිලියන 7.5ක් භාවිත කෙර තිබේ. ඊට කලින් අධික අවදානම් ඇති පිරිස්වලට එන්නත් මිලියන 1.6ක් ලබා දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ දිනවල චීනයේ හබෙයි පළාතේ අගනුවර වන Shijiazhuang නගරයේ කොවිඩ් 19 ආසාදිතයින් යලි වාර්තා වී තිබේ. වසංගතය පාලනය කිරීම සඳහා, සමස්ත නගරය පුරා නියුක්ලික් අම්ල පරීක්ෂණ සිදු කිරීම චීන රජය මෙවන් විටත් ආරම්භ කර ඇත. Shijiazhuang නගරයේ වැසියන් කෝටියකට වැඩි ප්‍රමාණයක් පළමු වටයේ නියුක්ලික් අම්ල පරීක්ෂණ සම්පූර්ණ කර ඇති අතර පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක වූ පුද්ගලයින් සංඛ්‍යාව 354 ක් වූ බව වාර්තා වේ.

වසංගතය පාලනය කිරීමේ වැදගත්කම තවදුරටත් අවබෝධ කර ගත යුතු අතර හබෙයි පළාතේ වසංගත පාලනය ශක්තිමත් කරමින් එය ව්‍යාප්ත වීම වැළැක්විය යුතු බව චීන සෞඛ්‍ය සේවා කොමිසම අවධාරණය කරයි.

ඒ අතර සමස්ථ චිනයේම පුරවැසියන් ආවරණය වන පරිදි එන්නත් නොමිලේ ලබා දෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ වසංගත පාලන යාන්ත්‍රණය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරයි. එන්නත් ලබා දීම වසංගතයේ මහ ව්‍යාප්තිය වැළැක්වීමේ බලවත් ම අවිය බව ඔවුන් සඳහන් කරයි. චීන ජනතාවට නව කොරොනා එන්නත් මිලියන නවයක් මෙවන් විටත් ලබා දී ඇති අතර චීන එන්නත් යහපත් හා සුරක්ෂිත බව පිළිබිඹු වී ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු පවසති. අධි සම්ප්‍රේෂණ පිරිස, අධි අවදානම් ඇති පිරිස හා සාමාන්‍ය පිරිස යනුවෙන් එන්නත් ලබා දීමේ කටයුතු කොටස් තුනක් යටතේ ක්‍රමානුකූලව සිදු කෙ‍රේ.

Leave A Reply

Your email address will not be published.

20 − 1 =