කොවිඩ් වලට එරෙහිව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා ‍

මෙරට කොවිඩ් මර්දනය සඳහා බොහෝවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමට හැකිවනු ඇතිබව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඔහු පවසන්නේ අදාළ එන්නත ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කිරීමට දෙරටේ ආයතන අතර එකඟතාවක් පවතින බවය. දැනට නිෂ්පාදනය කරඇති කොවිඩ් –19 එන්නත් මගින් නව වෛරස් ප්‍රභේදය ද මර්දනය කිරිමේ හැකියාව පවතින බවට තහවුරු වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

“මෙතෙක් කලක් අප හඳුනාගෙන තිබුණු කොවිඩ් –19 වෛරසයට වඩා නව වෛරස් ප්‍රභේදය 70%ක වගේ වේගයකින් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතිනවා. රෝගය උත්සන්නවීමට හෝ මියයෑමට තිබුණු අවදානමේ වෙනසක් නෑ. මේ දක්වා නිෂ්පාදනය කෙරුණු කොවිඩ් එන්නත්වලට මේ වෛරසයත් ගොදුරු වෙන බවයි හඳුනාගෙන තියෙන්නේ. ඒක සුබදායක කාරණයක්” යයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

එංගලන්තය පුරා වේගයෙන් පැතිරයන කොවිඩ් ප්‍රභේදය වැළඳුණු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලිගේ මෙරට ආශ්‍රිතයින් කිසිවෙකුත් නැති බවයි වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ. ඔහු පෙන්වා දෙන්නේ අලි සම්බන්ධව ප්‍රතිකාර කිරීම් සහ වෙන්කර තැබීම නිසිපරිදි සිදුවන බැවින් එම අවස්ථාවේදී වෛරසය මෙරට සමාජයට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවයි.

Leave A Reply

Your email address will not be published.

five × 3 =