ක්‍රිකට් : මැතිව්ස් 6000 පසුකරමින් පළමු දිනය අවසන් වේ

දවසට කඩුලු 12ක් බිඳ වැටෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 135ත පිළිතුරු ලෙස පළමු දිනයේ තරගය නතර කරන විට එංගලන්ත පිල කඩුලු දෙකක් දැවී ලකුණු 127ක් ලබාගෙන තිබුණි. සනචාරක එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් නොදැවී ලකුණු 66ක් සහ ජොනී බෙයාර්ස්ටෝව් ලකුණු 47ක් ලබාගනිමින් නොදැවී ක්‍රීඩා කරයි. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 135 ක ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට එංගලන්ත පිලට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 5 ක් පමණි.

ජොනී-බෙයාර්ස්ටෝ

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසිනි. ඒ  නායක දිමුත් කරුණාරත්න ආබාධයට ලක්ව සිටීම හේතුවෙනි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව පන්දුවට පහර දීමට පැමිණියේ කුසල් පෙරේරා සමඟ ලහිරු තිරිමාන්නය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 16ක් ලෙස සටහන් වන විට ක්‍රියාත්මක වූ ස්ටුවට් බ්‍රෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4ක් රැස් කරගෙන සිටි ලහිරු තිරිමාන්න දවාගත්තේ ය. අනතුරුව නැවතත් ක්‍රියාත්මක වු ස්ටුවට් බ්‍රෝඩ් එම පන්දුවාරයේදීම ශ්‍රී ලංකා දෙවන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දවා ගැනීමට සමත්විය. ඒ කුසල් ලකුණු නොලබා පිට පිටම සිය ඉනිම අවසන් කළ සිව්වන අවස්ථාව වීම විශේෂයකි. ඒ තරගයේ 7 වැනි පන්දුවාරයේදී යි.

පිට ඉන්නට මඳක් ඉවතින් පිටතට දෝලනය වී ආ පන්දුව මෙන්ඩිස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රැකි ජොස් බට්ලර් රැක ගත්තේ ගාලු ලකුණු පුවරුවෙහි කුසල් මෙන්ඩිස්ගේ නම ඉදිරියෙහි බිංදු දෙකක් සටහන් කරමිනි.

ලකුණු 20ක් රැස් කරගෙන සිටි කුසල් පෙරේරා ශ්‍රී ලංකා පිලේ තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය.

ඩොම් සීබ්ලි දැවීගිය ලෙස කළ ඉල්ලීම

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වන පළමු ටෙස්ට් තරගය වූ අද (14 දා) ඇරැඹි ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගයක් දෙනු ඇතැයි අපේක්ෂිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තණතිල්ල දිනය අවසානයේ දී කඩුලු 12 ක් දවා ගැනීමට දෙපිළේම පන්දු යවන්නනට සහ දුන් තණතිල්ලක් බවට පත්විය.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ මෑතකදී අභාවප්‍රාප්ත වුණු ක්‍රීඩකයින් වන ජෝන් එඩ්රිච්, රොබින් ජැක්මන් සහ ඩොම් ස්මිත් ට සිහි කිරීමක් වශයෙන් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෝ මෙම තරගයේදී කළු පැටි පැළඳ ක්‍රීඩා කරති.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 697 වැනි ක්‍රීඩකයා ලෙසින් ඩෑන් ලෝරන්ස් ගාලු පිටියේදී ටෙස්ට් වරම් දිනා ගත්තේය. ටෙස්ට් වරම් හිමිවීමේදී සාම්ප්‍රදායිකව ලබා දෙන කැප් තොප්පිය ඩෑන් ක්‍රීඩා කළ එසෙක්ස් කණ්ඩායමේ නායක ජේම්ස් ෆෝස්ටර් විසින් පිරිනමන ලදී. ෆෝස්ටර් වත්මන් එංගලන්ත කණ්ඩායමේ කඩුලු රැකීමේ උපදේශකයකු ලෙසින් කටයුතු කරයි.

පළමු ඉනිමේ අවසානය වනිඳු හසරංග දැවියයි

ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ පරිදි ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ මෙම තරගයට අවතීර්ණ විය. එංගලන්ත පිල ඔවුන්ගේ ප්‍රධානම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ජැක් ලීච් සහ ඩොම් බෙස් අද දිනයේ කණ්ඩායමට කැඳවා තිබේ. ඊට අමතරව වමත් පන්දු යවන සෑම් කරන්, මාක් වුඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටිති.

කුසල්-මෙන්ඩිස්-යලිත්-බිංදුවයි

එංගලන්ත පිලේ පිට දඟ පන්දු යවන ඩොම් බෙස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අද දැවී ගිය ලකුණු 135 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් පළමු ඉනිමේදී රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාවයි. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පවත්වා තිබෙන ටෙස්ට් තරග අතුරින් පළමු ඉනිමේ දැවී ගිය සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාවද වේ.

ආරම්භක අද දිනයේදී තම ටෙස්ට් තරග දිවියේ දෙවැනි වතාවට කඩුලු 5 ක් දවා ගැනීමට ඩොම් බෙස් සමත් විය. කඩා වැටුණු ශ්‍රී ලංකා පළමු  ඉනිම ගොඩ ගැනීමේ උත්සාහයක නිරත වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ කණ්ඩායමේ නායකයා වූ දිනේෂ් චන්දිමාල් දිවා ආහාරය තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව 65 ක් දක්වා ඉහළ දැමූහ.

දිවා ආහාරයෙන් අනතුරුව ස්ටුවර්ට් බ්‍රෝඩ් සිය තෙවැනි කඩුල්ල ලෙසින් මැතිව්ස් දවාගත්තේය.එය ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩා වැටීමට මුල් විය. පිට ඉන්නට එළියෙන් ඇදී ගිය පන්දුවකට එලවා පහර එල්ල කිරීමට ගොස් මැතිව්ස් දැවී යෑමත් සමඟ සිව්වැනි කඩුල්ලේ සබඳතාවය බිඳ වැටුණි. ඊට පන්දු 2 කට පසු එතෙක් වෙලා ඇන්ජලෝ මැතිව්ස් සමඟ ලකුණු 56 ක සබඳතාවයක් පැවැත්වූ දිනේෂ් චන්දිමාල්ද දැවී ගියේය. මැතිව්ස් ලකුණු 27ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 28කි. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 81ක් විය. එතැන් පටන් අවසන් කඩුල්ල ලෙස ලකුණු 19ක් ලබා වනිඳු හසරංග දැවී ගියේ ලකුණු 54කට කඩුලු 5ක් දැවීයාම සටහන් කරමිනි. මුල් කඩුලු පහ දැවීගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 81ක දී ය.

ක්‍රෝලි-සිබ්ලි

එංගලන්ත ආරම්භක පිතිකරුවන් වුණු සැක් ක්‍රෝලි සහ ඩොමිනික් සිබ්ලි අඩු ලකුණු සංඛ්‍යාවක් හඹායාමේ අරමුණින් පිටියට පිවිසියද ලසිත් ඇඹුල්දෙණිය විසින් ලකුණු 17 ක් ඔවුන් දෙදෙනා දවාලීමට සමත් විය. සංචාරක එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක් ව තිබියදී ඩොමිනික් සිබ්ලි (ලකුණු 4) දැවී ගියේ ලහිරු තිරිමාන්න ඒ තරගයේ එංගලන්තය මුහුණ දුන් 5වන පන්දු ඕවරය යි. යලිත් තරගයේ 9වන පන්දු ඕවරයේදී සැක් ක්‍රෝලි (ලකුණු 9) දවාගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. ඒ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 135ක එරෙහිව එංගලන්තය ලබා තිබුණේ ලකුණු 17කි. අනතුරුව පිටියට පිවිසි නායක ජෝ රූට් සහ වසරකට පසු යලිත් සිය කණ්ඩායමට එක්ව සිටින ජොනී බෙයාර්ස්ටෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවයක් පවත්වමින් එංගලන්ත පිල අවධානමෙන් මුදවා ගත්හ.

දිනේෂ් චන්දිමාල් දවාගැනීමේ සතුට

නායක ජෝ රූට් ලකුණු 66 ක් ලබා ගනිමින් තරගාවලියේ පළමු අර්ධ ශතකලාභියා විය. පන්දු 115 කදී රූට් ලකුණු 66ක් ලබාගත්තේ ය. ඊට හතරේ පහර 5 ක් ඇතුළත් විය. ජොනී බෙයාස්ටෝ පන්දු 91 කදී ලකුණු 47 ක් ලබා දෙවැනි දිනයට මුහුණ දීමට දවස අවසන් කළේ ය.

දිගින් දිගටම කඩුලු බිඳ වැටුණු නමුත් කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩ නැංවීම පසෙක තබා ශ්‍රී ලංකා  මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් වේගවත් පහරවල් කරා යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ඉනිම තේ පානයට පෙරම අවසන් විය. දිනය අවසානයේ වඩාත් අවධානයට ලක් වූ සිදුවීම වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ලකුණු 6000 ඉක්මවා යාමය.

Leave A Reply

Your email address will not be published.