ශ්‍රී ලංකාව්පලමු ඉනිම ලකුණු 135යි, එංගලන්තය කඩුලු 2 ට 127 යි
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි.
මෙහිදී ලකුණු විස්සේ සීමාව පසුකරන්නට හැකිවුවේ දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27ක් පමණි.
අද දිනය නිමා වන විට එංගලන්ත කණ්ඩායම දෙදෙනෙකු පමණක් දැවී ලකුණු 127 ක් ලබාගෙන සිටියි. මෙහිදී ජෝ රූට් 66 සහ ජොනී බෙයාර්ස්ටෝව් ලකුණු 47 ලබාගෙන නොදැවී පන්දුවට පහර දෙයි.
ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්නගේ ඇගිල්ලේ ආබාධයක් හේතුවෙන් අද තරගයට සහබාගි නොවන අතර කණ්ඩායම මෙහෙවීමේ වගකීම ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබේ.
ඡායාරුප අන්තර්ජාලයෙන්