කොරෝනා හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ කාර්යාලය වසයි

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කළේය.
ඊට හේතු වුවේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකු සහ පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාද වන නීතිඥ චමින්ද කුලරත්න ටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමයි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීම ද ලබන සඳුදා (18) තෙක් කල්දමා ඇති බව සඳහන් වේ.

මේ අතර එම කාර්යාලයේ සියලුම සේවකයන් නිරෝධායනයට යොමු කර ඇත. මෙම පිරිසගේ පීසීආර් පරීක්‍ෂණ
පවතින තත්ත්වය හේතුවෙන් බාහිර අමුත්තන්ට අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීම තහනම් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලය ඇතුළු ආශ්‍රිත කාර්යාල කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරනු ලැබ තිබේ.

Leave A Reply

Your email address will not be published.

9 + three =