කොරෝනා ආසාදිත මරණ ගණන 247යි, ආසාදිතයන් 50 000 පසුකරයි

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (13) මිය ගොස් ඇතැයි ද එසේම දිනය තුළ කොරෝනා ආසාදිතයින් 687 දෙනෙකු හදුනාගෙන ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනවළ සඳහන් වේ.
මේ අනුව වයිරසය ආසාදනය වීමෙන් මෙරට මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 247 කි. ඊයේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන‍ 50,000 ඉක්මවා ඇත.‍ එනම් 2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන‍ 50,266 ඉක්මවා ඇත.‍

Leave A Reply

Your email address will not be published.

two × two =