ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනට එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබේ.
කොටුව මහේස්ත්රාත් රංග දිසානායක විසින් මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ ණය මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් පුද්ගලයෙක් විසින් පුද්ගලික බැංකුවට ලබා දුන්න කූඨ ලේඛනයක චතුරිකා සිරිසේනගේ අත්සන යොදා ඇතැයි ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙනි.
මේ පිළිබඳ කරුණු විමසීමට ඇයට අධිකරණයේ පෙනී සිටින්නයි අවස්ථාව්දී දැනුම් දී තිබුණ ද පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ සෙලාන් බැංකුවේ ණය නිලධාරියා විසිනි.