එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර, අකිලට උප නායක තනතුරක්
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව අද (13) පත් කොට ඇත.
ඊට අමතරව පක්ෂ උප නායක ලෙස හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද, සභාපති ලෙස වජිර අබේවර්ධන මහතාද, භාණ්ඩාගාරික ලෙස එ.එස්.එම් මිස්බා පත් කොට ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදි රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙම පත් කිරිම සිදුකොට තිබේ. මීට පෙර උප නායක ලෙස කටයුතු කරන ලද්දේ රවි කරුණානායකය.