ජනපතිගේ මරණීය දණ්ඩනයට හතර අතින් විරෝධය

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ලෝකයේ රටවල් මෙන්ම සංවිධාන රැසකින්ම විරෝධය එල්ල වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් රාජධානිය විරෝධය පළකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානිය අවධාරණය කරන්නේ මිට මාස 06ක පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරයේදී මරණ දණ්ඩනය භාවිතා කිරිමට එරෙහි ගෝලීය තහනමට පක්ෂව   ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. එම ස්ථාවරය මෙලෙස වෙනස් කිරීම රටට අහිතකර ලෙස බලපානු ඇති බව ද එක්සත් රාජධානිය පෙන්වා දෙයි. කෙසේවෙතත් ශ්‍රී ලංකාව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් ත්‍රස්තවාදය වැලැක්වීම යන කාරණා වලදී සහයෝගය දීමට අපහසු වනු ඇති බවද එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ. 

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේද ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයෙන් තම සංවිධානය කම්පනයට පත්ව සිටින බවයි.  වසර 43කට පසුව ශ්‍රි ලංකාව තුළ යළි  මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ  කරන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මරණීඩ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම බරපතල අපරාධයක් බව ඔවුන් අවධාරණය කරයි. 

Leave A Reply

Your email address will not be published.

7 + six =