කොග්ගල මුහුදේ නාන්න ගිය අයෙකු අතුරුදහන්

හබරාදූව කොග්ගල මෝය ආසන්නයේ මුහුදේ දිය නෑමට ගොස් (11) දින සවස මුහුදු දිය රළකට හසුවී ගසාගෙන ගිය තරුණයන් තුන්දෙනා අතරින් දෙදෙනෙකු බේරාගෙන රෝහල් ගත කළ ඇති අතර අනිත් තරුණයා අතුරුදහන් වී ඇති බව හබරාදූව පොලිසිය කියයි
ඉමදුව ප්‍රදේශයේ වයස වයස අවුරුදු 28 ත් 30 අතර වයස් වල පසුවන තරුණයන් 05 දෙනෙකු මෙසේ ඊයේ දින මෙම ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගොස් ඇත පසුව තරුණයන් තුන්දෙනෙක් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන ගොස් ඇත
පසුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් පැමිණ දියේ ගිලෙමින් සිටී තරුණයන් දෙදෙනෙකු බේරාගෙන වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කළ තිබිණි
මෙම පිරිස සමඟ සිටී අනිත් තරුණයා දියේ ගිලි අතුරුදහන්ව ඇති අතර ඔහු සොයා ප්‍රදේශවාසීන් හා ආරක්ෂක අංශ නිලධාරී ඊයේ රාත්‍රී වන තුරු මෙහෙයුම් සිදුකළද අතුරුදහන් තරුණයා සොයා ගැනීමට නොහැකි වී ඇති අතර එම කටයුතු තවත් දුෂ්කර වී ඇත්තේ මෙම දිනවල මුහුදේ පවතින රළු තත්ත්වය ඉහළ යෑම නිසා බව හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය

Leave A Reply

Your email address will not be published.

three × one =