ගෝඨාභයට විරුද්ධව ඇමෙරිකා අධිකරණයේ නඩු 10ක්

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට විරුද්ධව ඇමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙමල ජාතික පුද්ගලයන් 08ක් සිංහල ජාතිකයන් 02ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ඊයේ (26) දිනයේදීය.

පැමිණිලිකරුවන් පැමිණිලි කර ඇත්තේ ගෝටාභය රාජපක්‍ෂ අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම් ලෙස සිටියදී සිදු වූයේ යයි කියන සිදුවිම් කිහිපයක් ගැන චෝදනා කරමිනි.

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව මීට පෙර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් ද ඇමෙරිකානු අධිකරණ හමුවේ පැමිණිල්ලක් ගොණු කරනු ලැබීය.

Leave A Reply

Your email address will not be published.

nine + nineteen =