ඊයේ මියගිය 8 න් 7 ක් බස්නාහිර පලාතෙන්
මෙරට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (11) නිවේදනයක් නිකුත් කළේය.
මෙම පිරිසත් සමඟ වයිරසය ආසාදනය වීමෙන් මෙරට මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 240 කි.
කාත්තන්කුඩි, දකුණු කළුතර , බණ්ඩාරගම, කොළඹ 14, කොළඹ 12, මට්ටකුලිය, රාජගිරිය, සහ වැලිකඩ මන්ධනාගාරයේ එක් රැඳවියෙක් මෙම මිය ගිය පිරිසට අයත් වේ. මෙම මිය ගිය පිරිස වයස අවුරුදු 70 සහ අවුරුදු 36 වයස් ප්රමාණයේ පුද්ගලයන් ය. මෙම මිය ගිය 8 දෙනා ජනවාරි 6 වන දා සිට 11 වෙනිදා දක්වා මිය ගිය අය වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන් වේ.