සතොස වාහන පාස්කු ප්‍රහාරයට යොදා ගත් බවට වීරවංශ කියන කතාව බොරුවක්

10

පාස්කු බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ කටයුතු සඳහා සතොස වාහන යොදා ගත් බවට සාක්ෂි සහිතව පෙන්විය හැකි යයි පාර්ල්මේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව හෙළි වී තිබේ. ඒ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අශෝක විසින් ලබා දුන් සාක්ෂි අනුවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ කිසිදු සිදුවීමකට සතොස සතු කිසිදු වාහනයක් යොදාගෙන නොමැති බව මේ වන විට කළ පරීක්ෂණ වලින් පැහැදිළිවම තහවුරු වී තිබෙන බව මෙහිදී ලේකම්වරයා පැවසීය. එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් සතොස සතු වාහන වල ජීපීඑස් දත්ත සටහන් වලින් මෙම වාහන පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කටයුතු වනට යොදා ගත් බව ඔප්පු කළ හැකි බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද කමිටු සාමාජිකයෝ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළහ. එහිදී ලේකම්වරයා කියා සිටියේ සතොස වාහන ඒ කිසිවකට යොදාගෙන නොමැති බව තමන් ප්‍රකාශ කරන්නේ ද ජීපීඑස් දත්ත පරීක්ෂා කිරීමෙන් පසුව බවයි.

Previous articleමුස්ලිම් භීතිකාවෙන් පෙලෙන වෙන්නප්පුවේ සභාපතිට නොතීසි
Next articleගෝඨාභයට විරුද්ධව ඇමෙරිකා අධිකරණයේ නඩු 10ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here