වාසුදේව ටත් කොරෝනා ආසාදනය වෙයි

ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාරට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (11) ඔහුට ලැබී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ට ඊයේ (10) දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ අතර ජනවාරි 8 වන දින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සහ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබිණි. එහෙත් මෙම ලයිස්තුවේ වාසුදේව නානයක්කාර අමාත්‍ය වරයා සිටියේද යන්න සඳහන් නොවේ.

Leave A Reply

Your email address will not be published.