පොහොට්ටුවේ පාලනය යටතේ පවතින වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මුස්ලිම් ජනතාවට සති පොල භූමියේ වෙළඳාම් කිරීම තහනම් කිරීම ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්‍රවාහය සම්බන්ධව විශ්වාසය තබා කටයුතු කිරීමට තවදුරටත් ලංකාවේ ඉඩක් නොමැති බවට හැගීමක් මේ තුළ දනවන බැවින් ඒ පිළිබඳ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව ලබන 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කරනු ඇති බව දංකොටුව පොලිසිය පවසයි. එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන ආකාරයට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.ඒ. සුසන්ත පෙරේරා ඇතුළු හය දෙනකුට මෙසේ නොතීසි නිකුත් කර ඇත.