FB සාගරය
රෝස මල
පැනපු ගමන් වතුරට
හිනැහුණේ ගිලුණු ටයිටනික්ලට
නොදැනුණත් පෙති එකින් එක
ලෙහෙන බව හරි සීරුවට
පා වුණා what a beautiful”
Marvelous” nice තාලයට…..
මාලිමාවක දිශා හිරවුණු
ඔරලෝසු කටු ගුවන් ගතවුණු
නටුවටම නොතේරී තනිවුණු
රෝස මල් තවත් හමුවුණි නටුවුණු
ටයිටනික්ලටත් යටින්
හුදකලා වුණු…..