“යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණයක් නෑ”

දැනට මෙරට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් පමණක් වන බවත් යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (10) පැවසීය.

එසේ උවත් යුක්රේනයෙන් උවත් වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග

“මෙරට නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන්. 21 වෙනිදායින් පස්සේ අපි වාණිජ ගුවන් ගමන් සදහා ගුවන් තොටුපළ විවෘත කරනවා. අපි අලුත් ගයිඩ් ලයින් හදලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය විසින් සංචාරකයන් සදහා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්වයි. අපේ රටේ සෞඛ්‍ය බළධාරීන් මේ සියල්ල ඉතාම දැඩි ලෙස අධ්‍යයනය කරලයි සංචාරකයන් සදහා වන ගයිඩ් ලයින් හැදුවේ. ඒ ගයිඩ් ලයින් අනුව ඕනෑම කෙනෙකුට සංචාරකයන් ගෙන්වන්න පුළුවන්. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල අපි දැඩි අධික්ෂණයකට ලක් කරනවා.

මාධ්‍ය වාර්තා වලට අනුව යුක්රේනයේ වහලා තියෙන්නේ පාසල්, රෙස්ටොරන්ට්, ලොකු සෙනගක් සම්බන්ධ වන රැස්වීම් වගේ දේවල්.” පමණක් බවද ඇමතිවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.