ජනාධිපති ලේකම් කාර්යාලයේ එස්.ටී.එෆ්. 35 කට කොරෝනා

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේ කිහිපදෙනකු හට කොරෝනා රෝග ලක්ෂණ මතුවීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු හට උදෙසා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂාවක දී මේ තොරතුරු අනාවරණ වී ඇත.

මේ වන විට මෙම ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා කන්දකාඩු, පූනානි හා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද වාර්තාවේ.

මේ අතර තවත් නිලධාරීන් පිරිසකට පි සි ආර් පරීක්ෂණ සිදු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.