මරණ දඬුවමට සහ ඒකාධිපති ව්‍යවස්ථාවට මෛත්‍රී අත තියයි

11

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරවීම සඳහා තමන් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.  ඒ අනුව නුදුරේදීම වැරදිකරුවන් හතර දෙනෙකු සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.  ශ්‍රී ලංකාවේ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ 1976 ජුනි 23 වනදාය. පසුගිය වසර 43ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකෙරුණේ කිසිදු රාජ්‍ය නායකයකු එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් නොතැබූ නිසාය. 

එසේම මේ වන විට ක්‍රියාත්මක වන 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යාස්ථා සංශෝධනය වෙනස් කර නැවත පෙර පැවති 18 වන සංශෝධනය බලාත්මක කළ යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසයි. මේ මොහොතේ එසේ කළ නොහැකිනම් ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමන පක්ෂයක් ජය ගත්තද කුමන පුද්ගලයෙකු ජනාධිපති තනතුරට පත් වුවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

19 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමෙන් රට අස්ථාවර වී ඇති බවත් එය සියලු ගැටලුවලට හේතුව බවත් ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දිගින් දිගටම ප්‍රකාශ කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පොදුජන පෙරමුණේ මතය වන්නේද එයයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මේ වියරු සහගත හැසිරීම රටක් වශයෙන් අප්‍රසාදයට පත් විය හැකි තත්ත්වයක් බව දේශපාලන විචාරකයෝ පවසති.

Previous articleඊයේ වැටලූ ඉස්කාගාරය රෝහිතගේ?
Next articleශක්තිකගේ අන්තර්ජාල කතාවේ ‘මුල් පිටපතක්’ නීතිපති ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here