‘මැලිබන්’ Brand Excellence සම්මානය ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බිස්කට් නිෂ්පාදකයකු වන මැලිබන් ආයතනය පසුගිය දා පැවැති 2020 Sri Lanka Best Brand සම්මාන උලෙළේ දී FMCG කාණ්ඩයේ යටතේ සන්නාම විශිෂ්ටත්ව (Brand Excellence) සම්මානයක් ලබා ගැනීමට සමත් විය. අතථ්‍ය (Virtual) ක්‍රමයට 2020 නොවැම්බර් 24 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ, ගෝලීය විධායක ජාලයක් ලෙස සැලැකෙන CMO Asia විසිනි.

2020 වසරේ දී සමාගම් හා ආයතන විසින් පෙන්නුම් කරන ලද අරමුණු, නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය, ක්‍රමෝපාය සහ පැහැදිලි ලෙස ළඟා කර ගන්නා ලද ප්‍රතිඵල වැනි සාධක සැලැකිල්ලට ගනිමින් සම්මාන උලෙළේ ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලදී. වසර 70කට අධික ඉතිහාසයක් හිමි මැලිබන් සමාගම දශක ගණනාවක් තිස්සේ මෙරට පාරිභෝගික පරම්පරා කිහිපයකම හදවත් දිනාගැනීමට සමත් වී තිබේ. නව පරපුරේ රුචිකත්වයන්ට වඩාත් ගැළපෙන ආකාරයට, විශේෂ ක්‍රමෝපායික පියවර රැසක් සමඟින්, තම සුපුරුදු නිෂ්පාදන එකතුවෙන් ඔබ්බට ගොස් විශේෂ නිෂ්පාදන කිහිපයක් නැවත හඳුන්වා දීමට සමාගම පසුගිය කාලය තුළ කටයුතු කළේ ය.●

Leave A Reply

Your email address will not be published.

eleven + 15 =