දිලීප ජීවන්තගේ self

ලංකාවේ Lucian Freud හෙවත් දිලීප( Dileepa Jeewantha )අඳින්නෙ ඔහුගෙම ශරීරය. හතර සීමාවෙන් කැපෙන්නෙ ඔහුගේ ශරීරය. තමන් තමන් එක්කම කරන ආත්ම කථනයක් වගේ හරියට දිලීපගෙ චිත්‍ර. ටිකක් අමුතු විදියෙ ෆෝස් ටිකක්. කැන්වසය හිනස්ස්වන, කම්මැලි කරන, නිදි කිරවන, සතුටු කරවන සහ හාස්‍යයට ලක් කරන වගේ ඉදිරිපත් කිරීම් ටිකක් ඔහු කරන්නෙ. තමන්ගෙම ජීවිතය හතර සීමාව ඇතුළෙ ආර්ට්වලින් විසඳ ගන්නව කියල ඕනෙනම් යෝජනා කරන්න පුලුවන්. සංකල්පීයව ගොඩක් දුරට ඔලුව හිරිවැටෙන්නෙ නැති උනාට තාක්ෂණිකවනම් ඉස්සරහ ඉන්න කෙනා හිරි වැටෙන තරම් ඔහු දක්ෂ ලෙස මේ වැඩේ කරනවා. තමන්ගෙ ශරීරයේ අසිරිය දකිනව කියන්නෙ වෙනම් සෞන්දර්යවේදයක්. ජීවන්තගෙ ශරීරයට අපි කැමති වන්නෙ ඔහු මේක ආශ්වාදනය කරල චිත්‍රයකින් අපට පෙරල දෙන නිසා. ඒ නිසා මේ ශරීර ජීවන්තගෙ විතරක් නෙවි. තනි මනුස්සයෙක්ගෙ චර්‍යාවන් ටිකක් එක්ක උනත් ආර්ට් ඇතුළෙ විනෝද වන විදිය ජීවන්තගෙන් ඉගෙනගන්න පුලුවන් දෙයක් මට හිතෙන්නෙ. කොච්චර සරළ උනත් තමන්ගේ ශරීරය එක්ක තියෙන කුතුහලය තමන්ට වගේම අනෙකාටත් ප්‍රෙහෙලිකාවක්. අපි මැරෙනකම්ම මේ ප්‍රෙහෙලිකාවට උත්තර හොයනවා. ජීවිතය කියන්නෙ ඒකට. මේ ප්‍රෙහෙලිකාව එක්ක ගමන් කරන එකට. ඉතින් ජීවන්ත නොනැවතී ගමන් කරන ගමන් තැනින් තැන කියව ගන්නවා. එතකොට අපට හිතෙන්නෙ ගමනාන්තයට වඩා ඒ ගමන් මගේ සෞන්දර්ය අත්විඳින්න වගේ එකක්. ආර්ට් කියන්නෙ ස්කිල්ස්ම නොවන, කලාව සම්බන්ධ විවෘත අදහසක් එක්ක ගනුදෙනු කරන කාලෙකත් දිලීප ශිල්ප දක්වනවා. මේ ඇඳීමේ මොනවද අඩු? ඇකඩමියාවෙන් පිට දිලීප ඇකඩමියාව තුළ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට එළියට එන්න බල කරන ඇඳීමක් මේ. මානව රූපයක් චිත්‍රමය භාෂාවෙන් දකින විදිය දිලීප ලිහන්නෙ ඉතාමත් පලපුරුදු සිත්තරෙක් විදියට.
-ප්‍රගීත් රත්නායක

 

Leave A Reply

Your email address will not be published.