සීතාවක කලාපය කොරෝනා තවානක් අවට ගම්මාන දැඩි අවදානමක

සීතාවක ආයෝජන කලාපය තුළ තව දුරටත් සක්‍රියව පවතින කොරෝනා  පොකුර සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි පියවර නොගැනීමත්, සීතාවක කර්මාන්ත පුරය නොනවත්වා ක්‍රියාත්මක  වීමත් හේතුවෙන් ඒ අවට ගම්මාන දැඩි අවදානමක පවතින බව වාර්තා වේ.

මේ වන විට සීතාවක ආයෝජන කලාපයේ ඇතැම් කර්මාන්ත ශාලා ප්‍රධානීන් නිසි සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන බව අදාළ කර්මාන්ත ශාලා සේවකයෝ පවසති.

එම  හේතුවෙන් සීතාවක ආයෝජන කලාපයේ සේවකයන් අතර වෛරසය පැතිර යාමේ  දැඩි අවදානමක් මතුව ඇති අතර, සීතාවක ආයෝජන කලාපයේ කොවිඩි වෛරස ආසාදිත රෝගීන් රෝහල් කරා ගෙන යාමට දින තුනක් හෝ හතරක් ගත වන බවට හෙළිව තිබේ.

මේ වන දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයන් 7 දෙනකු පමණක් මැතිවරණ කොට්ඨාස 20ක් ආවරණය සඳහා යොදවා ඇතැයි වාර්තා වේ●

 

දෙහිඕවිට – ආර්. ජයසේන

 

Leave A Reply

Your email address will not be published.

16 + 14 =