ප්‍රේමය නම්…

ගැහැනු හිත් මවල තියෙන්නෙ ම ප්‍රේමය වෙනුවෙන්. ගැහැනියකගේ හිසේ සිට පාදාන්තය දක්වා මවල තියෙන්නෙ ප්‍රේමය වෙනුවෙන්. තිඹිරිගෙයිහි පටන් සුසානය  දක්වාම හඬ හඬා ඇය යදින්නේ ද ප්‍රේමයයි. පියකු සැමියකු, පුතකු, මුණුපුරකු තුළින් ඇය අපේක්ෂා කරන්නේ ද අසීමාන්තික ප්‍රේමයයි, ආදරයයි. බලාපොරොත්තු වන තරමට ම ඇයට නොලැබෙන්නේ ද ප්‍රේමයයි. ප්‍රේමයත් එක්කම ගැහැනුන්ට ලැබුණු ලස්සනම තෑග්ග තමයි කඳුළ. කඳුළින් කඳුළ දිය කර ඇය බලාපොරොත්තු වන්නේ ද ප්‍රේමයයි. අවසන් හුස්ම දක්වා සටන් කරන්නට තරම් ධෛර්යයක්, ආත්ම ශක්තියක් ඇයට හිමි වන්නේ ද එබැවිනි. යශෝධරා, රාධා, කන්නගී පරපුරේ පටන් අද වනතුරු ගැහැනිය යදින්නේ ප්‍රේමයයි.

ගැහැනු හැමදාම රැවටුණේ වචනෙට. ප්‍රේමණීය වචනයක් වෙනුවෙන් ආත්මයම පූජා කරන්නට තරම් ඇතැම් විට ගැහැනු අන්ධ වන්නේ ඒ නිසා වෙන්නැති. ගැහැනුන්ගෙ මොළේ හැඳි මිටේ දිග ලු‍. වෙන්න ඇති පුංචිම පුංචි ආදරණීය වචන ඉස්සරහ ලෝකයම අමතක කරන, හදවතේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රේමයෙන් පුරවන ඇගේ මොළය හදවත තරම් දිග නැතුව ඇති.

පිරිමි හැමදාම රැවටුණේ රූපයට. ගැහැනු හැමදාම රැවටුණේ වචනෙට. ප්‍රේමණීය වචනයක් වෙනුවෙන් ආත්මයම පූජා කරන්නට තරම් ඇතැම් විට ගැහැනු අන්ධ වන්නේ ඒ නිසා වෙන්නැති. ගැහැනුන්ගෙ මොළේ හැඳි මිටේ දිග ලු‍. වෙන්න ඇති පුංචිම පුංචි ආදරණීය වචන ඉස්සරහ ලෝකයම අමතක කරන, හදවතේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රේමයෙන් පුරවන ඇගේ මොළය හදවත තරම් දිග නැතුව ඇති. ගැහැනියගේ මොළයට  වඩා හදවතේ දිග වැඩි වුණා නම්, ප්‍රේම කතා මීට වඩා වෙනස් වෙන්න තිබුණා. රැවටිලා පැරදෙන වාරයක් වාරයක් පාසා ජීවිතේට ම ආයිමත් එපා කිව්වත්, ඇය යළි යළිත් ප්‍රේමය වෙනුවෙන් සමාව දෙයි. හදවතට අනවසරයෙන්  වුව ද රිංගන්නට ඉඩ දෙයි. ගැහැනු යටපත් කරන්නට කොතරම් වෙර දැරුව ද සුසුමක් ගාණේ ම  ඇය යදින්නේ ප්‍රේමයයි.

ජීවිතයේ අනේකවිධ සැප සම්පත් අතහැර මෙහෙකරුවකු සමඟ පැන යාමට තරම් පටාචාරාව අන්ධ කළේ ද ප්‍රේමයයි. බොහෝ විට ඇය පුදන්නේ ද අප්‍රකාශිත ප්‍රේමයයි. අප්‍රකාශිත හැඟීම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අසීමාන්තිකයි. සෑම හිමිවීමකදී ම ප්‍රේමය පැන දුවයි. හිමි නොවූ සෑම තැනකම ප්‍රේමය උතුරයි. එය කිසිදා අහිමි නොවේ. කොතරම් ප්‍රතික්ෂේප වීම් මධ්‍යයේ වුව ද, නිර්ලෝභීව ඇය පුදන්නේ ප්‍රේමයයි. නොදැක වුණත් ගැහැනියකට පුළුවන් ප්‍රේම කරන්න. හිමි නොවන මුත් ගැහැනියකට පුළුවන් ඇත්තටම ප්‍රේම කරන්න. ඒකයි අම්මලා තමන්ගේ කුසේ ඉන්න දරුවාව දකින්නත් කලියෙන්  පණ වගේ ආදරේ කරන්නේ.  ගැහැනු හිතක ප්‍රේමය එහෙමයි. අතහැර ගියත් මැරෙන්නෙ නැති ගැහැනු හිතක ප්‍රේමය අමරණීයයි ■

 

චමෝදි පෙරේරා

Leave A Reply

Your email address will not be published.

3 × 5 =