ප්‍රාදේශීය සභා සභාපති කඩ බෙදා අතයටින් සල්ලි ගනී

මිහින්තලේ බස් නැවතුම ඉදිරිපිට වෙළෙඳ සංකීර්ණයේ අලු‍තින් ඉදි කළ කඩ කාමර  හිතවතුන්ට බෙදා දීමට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කටයුතු කර ඇතැයි මිහින්තලේ නගරයේ වෙළෙන්දෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ව්‍යාපාරිකයෝ පවසන්නේ, මෙම කඩ කාමර බෙදා දීමේ දී ප්‍රාදේශීය සභා සභාපතිවරයා හා කඩ කාමර ලබා ගත් ඇතැම් පුද්ගලයන් අතර මුදල් ගනුදෙනුවක් ද සිදු වු බවට තොරතුරු පවතින බවයි.

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ වියදමින් ඉදි කළ වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවතුන් අතරේ පමණක් බෙදා දීමෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව එම ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් පවසති.

මෙයින් වසර කිහිපයකට පෙර ද මේ වෙළෙඳ සංකීර්ණයේ පහළ මාලයේ කඩ 10ක් ඉදි කර හිතවත්කම් හරහා මුදල් ගැනීමෙන් අනතුරුව කඩ කාමර බෙදා දීමට සභාවේ මන්ත්‍රීවරුන් කටයුතු කළ බව ද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති●

 

මිහින්තලේ – ධනුෂ්ක ලිහිණියාගම

Leave A Reply

Your email address will not be published.

1 × three =