රුහුණු කොඩියෙන් මෙපිට රුහුණු ගැටවුන්ගේ කතාව

රුහුණු ගැටව්’ කියන්නෙ නොදන්නා මාතෘකාවක් වුණාට අහම්බයකින් කතා වුණු මේ කතාව කවුරුත් වැඩිය දන්නෙ නැතිව ඇති ‘රුහුණු ගැටව්’ ගැන. සරලවම කියනවා නම්, ලංකාවේ අලින්ගේ උප විශේෂයක් ගැන තමයි මේ කතාව.

ලංකාවේ අපට දකින්නට ලැබෙන්නේ ලෝකේ ජීවත් වෙන අලි වර්ග දෙකින් ආසියානු අලි වර්ගයයි. අප්‍රිකානු හා ආසියානු ලෙස කොටස් දෙකකට බෙදෙන මේ සත්වයන්ගෙන්

වඩා උස අප්‍රිකානු අලි වර්ගයයි. ‘ලොක්සොඩොන්ටා  අප්‍රිකානා’ සහ ‘එලෙෆපාස් මක්සිමුස්’ කියන විද්‍යාත්මක නාමවලින් මෙම අප්‍රිකානු සහ ආසියානු අලි වර්ග දෙක පිළිවෙළින් හඳුන්වනවා.

‘රුහුණු ගැටව්’ ලෙස මොවුන් හඳුන්වා දෙන්න ඇත්තේ, රුහුණු කොඩියේ ඉර, හඳ ලාංඡන සමඟ මේ කුරු අලියකුගේ රූපය සංකේත කොට තිබීම වන්නට ඇති. අප කවුරුත් දන්නා කියන දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා මේ උප විශේෂයට අයත් ඇතෙක්.

ඉන්දියාව, බුරුමය, ලංකාව, මලයාව, කාම්බෝජය, සහ සුමාත්‍රා වැනි රටවල දක්නට ලැබෙන ආසියානු අලියා ජලය සහ ආහාර සොයා දිනකට කිලෝමීටර් 25ක් පමණ දුරක් යාමට පෙළැඹෙන අතර දිනකට කිලෝ ග්‍රෑම් 150ක පමණ ආහාර සලාකයක් ඔවුන්ට අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකාවේ අලියා ආසියානු අලින් අතුරින් වැඩියෙන්ම බුද්ධිමත් අලියා ලෙස ද හඳුන්වනවා. මොළයේ වර්ධනය වීමේ ධාරිතාව, ශ්‍රව්‍ය  ශක්තිය වැඩි වුණාට මේ අයගේ පෙනීම මඳක් අඩුයි.

කොහොම වුණත්, ලංකාවේ වාසය කරන ආසියානු වල් අලි තවත් උප විශේෂ දෙකකට බෙදෙනවා. එනම්, සෝමාවතී විල්ලු‍ අලි සහ රුහුණු ගැටව් කියලා. ඒ කියන රුහුණු ගැටව් තමයි මෙන්න මේ ලියමනට මුල්වූ අලි විශේෂය.

රුහුණු ගැටව් සාමාන්‍ය වල් අලියාට වඩා ශරීර ප්‍රමාණයෙන් මඳක් කුඩා අලි විශේෂයක්. සිංහරාජය තුළ ජීවත් වන අලි තුන්දෙනා අයත් වන්නේ මේ රුහුණු ගැටව් කියන උප විශේෂයටයි.

වඩා දුර්ලභ අලි විශේෂයක් වන මෙම රුහුණු ගැටව් කුරු අලි ලෙසත් හඳුන්වනු ලබනවා. රුහුණු ගැටව් ‘කුරුලු‍ අලි‘, ‘බටු අලි‘ වගේ නම්වලින් හඳුන්වනු ලබන මෙම උප විශේෂය ‘කුරු පර්වා’ ‍යන ශාස්ත්‍රීය නමින් හැඳින්වීමට තරම් විශේෂයක්.

‘රුහුණු ගැටව්’ ලෙස මොවුන් හඳුන්වා දෙන්න ඇත්තේ, රුහුණු කොඩියේ ඉර, හඳ ලාංඡන සමඟ මේ කුරු අලියකුගේ රූපය සංකේත කොට තිබීම වන්නට ඇති. අප කවුරුත් දන්නා කියන දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා මේ උප විශේෂයට අයත් ඇතෙක්.

අඩි පහක් හයක් පමණ උස මේ අලි සාමාන්‍යයෙන් කුළු හරකකුට වඩා මඳක් විශාලයි. ප්‍රමාණයෙන් අවුරුදු 5ක පමණ වයස සාමාන්‍ය ඇතකුගේ ශරීර ප්‍රමාණයට සමාන වෙනවා.

යාල වනය තුළ මෙම කුරු අලි 13 දෙනෙක් වාසය කරන අතර, ශ්‍රී පාද අඩවිය, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව ද මොවුන් වාර්තා වෙයි.

එසේම උතුරු මායිම,  උතුරුමැද, යාල, බුන්දල, මාදුරුඔය, උඩවලව ප්‍රදේශවලත් කුඩා කුරු අලි රංචු ගැන තොරතුරු හමු වෙනවා.

සාමාන්‍ය වල් අලින්ට වඩා මොවුන් ප්‍රචණ්ඩකාරී නිසාම මිනිස් වාසස්ථානවලට එන මෙම අලි ගැන මිනිසුන්ගේ ඇති ආකල්පය, ‘‍දුර්ලභ’‍ කියන වචනයට වඩා ‘කරදරකාරී’‍ කියන එකයි. ඒ අදහස ඒ තරම් සුබදායී එකක් නෙමෙයි. ඒ නිසා මේ අලින් රැක ගන්න වෙනම අවධානයක් යොමු කරන්න ඕනෙ. ඒත් ඒක කරන්න ඕනෙ වන අලි ගහනය වැඩි ප්‍රදේශවල මිනිස්සුන්ට දේශනා ඉදිරිපත්  කීරීමෙන් නෙමෙයි. ඒ වෙනුවට ඔවුනට හිමි බිම් ඔවුනටම ලබා දී, ජීවිතය ජීවත් කරගන්නට ඉඩ ලබා දීමෙන්■

 

දිලේඛා දිසානායක

Leave A Reply

Your email address will not be published.

four × 4 =