යුක්රේනය වසා දමයි

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට පාසල්, ආපනශාලා සහ කායවර්ධන මධ්‍යස්ථාන අද (08) සිට වසා දැමීමට යුක්‍රේනය තීරණය කර තිබේ.  එම තීරණය ජනවාරි 24 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි සඳහන් වන්නේ.

යුක්රේන ජනගහනය මිලියන 41කි. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට එරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන ඉහළ යමින් පවතින බවයි එරට මාධ්‍ය පවසන්නේ. මේ වනවිට එරටින් කොවිඩ් 19 ආසාදිතයින් මිලියනයකට වඩා වාර්තා වී ඇත. වාර්තා වී ඇති මරණ ගණන 19,588කි.

මේ අතර අද (08) දහවල් 02.24 ට මත්තල ගුවන් තොටුපලට යුක්රේනියාවේ සිට සංචාරකයින් රැගත් 6 වෙනි ගුවන් යානාවත් පැමිණියේ ය. එහි සංචාරකයින් 150 රැගෙන ආ අතර කුඩා ළමයින් 30 ක් පැමිණ තිබුණි. ලංකාවට දැනට යුක්රේනියානු සංචාරකයන් 905ක් මත්තලට පැමිණ ඇත. ඉන් සමහර දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

nineteen − 18 =