PSL තරගාවලියේ තිසර සහ ඉසුරු Platinum category යට

2021 පාකිස්තාන සුපර් ලීග් විස්සයි20 (PSL) ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන තිසර පෙරේරාට සහ ඉසුරු උදානට වැඩි වටිනාකමක් හිමිව තිබේ. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය යි. 6 වැනි වරට පැවැත්වීමට නියමිත PSL තරගාවලිය පෙබරවාරි 20 සිට මාර්තු 22 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනීම (Player Draft) එළැබෙන ඉරිදා (10) ලාහෝර් නුවරදී සිදු කෙරෙයි. මේ සඳහා වන ඉහළ වටිනාකමින් යුත් ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත විදෙස් ක්‍රීඩකයන්ගේ කාණ්ඩයට (Platinum category) ඇතුළත් නම් ලැයිස්තුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිකුත් කාලෙය්  නිවේදනය කළේ ය.

ඊට ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා සහ ඉසුරු උදාන ද ඇතුළත්ව ඇත.

ඔවුන්ට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 7ක්, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයෙන් ක්‍රීඩකයන් 5 බැගින් මීට ඇතුළත් වේ. ඊට අතිරේකව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් 3ක්, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව සහ නේපාලයෙන් ක්‍රීඩකයකු බැගින් මේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

තිසර සහ ඉසුරුට අමතර, ක්‍රිස් ගේල්, ලෙන්ඩ්ල් සිමන්ස්, කාර්ලෝස් බ්‍රැත්වේට්, ඒවන් ලෙවිස්, ඩ්වේන් බ්‍රාවෝ (බ. ඉ.කොදෙව්), ක්‍රිස් ජෝර්ඩ්න්, ඇලෙක්ස් හේල්ස්, මොයින් අලී, ඩේවිඩ් මාලන් සහ ටොම් බැන්ටන් (එංගලන්තය), රෂීඩ් ඛාන්, මොහොමඩ් නබි සහ මුජීබ් උර් රහ්මාන් (ඇෆ්ගනිස්තානය), මුෂ්ටෆිසූර් රහ්මාන් (බංග්ලාදේශය), ක්‍රිස් ලින් (ඔස්ට්‍රේලියාව), සන්දීප් ලැම්ච්නේ (නේපාලය) Platinum category ලැයිස්තුවට එක්ව සිටිති.

මේ වසර තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට හිමිව ඇති කාර්ය බහුල තරග රටාව හේතුවෙන් විදෙස් රටවල සංවිධාන කරන කිසිදු තරගාවලියකට (විස්සයි20 හෝ දහයයි10 ලීග්) ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩකයන්ට අවසර නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගන්තයට එරෙහි තරගාවලිය මේ 14 වැනිදා ආරම්භ වීමත් අනතුරුව ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව්හී සංචාරයක නිතර වීමත් ඊට හේතුව ලෙස දැක්වේ.  LPL සහ දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීම ද මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

twenty − 10 =