සත්කාරකත්වයේ වාසිය ගැන දිමුත්ගේ බලාපොරොත්තුවක්

එංගලන්තය සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී සත්කාරකත්වයේ වාසිය සමඟ ක්‍රීඩා කිරීමට හැකිවීම අමතර වාසියක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසන්නේ.

දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0කින් පරාජය වීමෙන් අනතුරුවයි දිමුත් මේ බව කියා තිබුණේ.

“දකුණු අප්‍රිකාවේදී අපිට පන්දුවට පහරදීමට එතරම් ලේසි වුණේ නැහැ. තනි තනිව අපේ ක්‍රීඩකයින් හදාගත යුතු තැන් කිහිපයක් තියෙනවා. හැබැයි එංගලන්ත තරගාවලිය පැවැත්වෙන්නේ ලංකාවේ. ඒ නිසා සත්කාරකත්වයේ වාසිය අපිට. ඒ එක්ක අපිට පහසුවෙන් ක්‍රීඩා කරන්න පුළුවන්’ යනුවෙන් දිමුත් කියා සිටියේය.

මේ අතර එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් නැවත කණ්ඩායම හා එක්වනු ඇති නායක දිමුත් කරුණාරත්න විශ්වාස කරයි. දිනේෂ් චන්දිමාල්ගේ සහ සුරංග ලක්මාල්ගේ ආබාධයන් සුව අතට හැරීම සම්බන්ධයෙන් තමන්ට දැනට ලැබී ඇත්තේ ‘සුබ ආරංචියක්’ බව ඔහු සඳහන් කළේ ය.

එංගලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ තන තිල්ලේ ස්වභාවය අනුව දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් කණ්ඩායමක් තරග වැදීමට අපේක්ෂා කරන බවද දිමුත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

1 × 3 =