සෞදි අරාබියේ අභා ගුවන් තොටුපළට යළිත් ප්‍රහාරයක්

19

සෞදි අරාබියේ අභා ගුවන් තොටුපළට යළිත් වරක් යේමනයේ හුති කැරලිකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිරියානු වැසියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යේමනයේ ක්‍රියාන්විතයන්හි නිරත සෞදි ප්‍රමුඛ ආරක්ෂක බළඇණියේ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූනි 23 පස්වරුවේ එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලැබූ බවය.

එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කුමන වර්ගයේ අවි උපයෝගි කරගෙන ද යන්න ඔහු අනාවරණය කර නැත. එහෙත්, හුති ටීවී නමැති රූපවාහිනී නාලිකාව විකාශය කළේ, කැරලිකරුවන් අභා සහ ජිසාන් යන ගුවන් තොටුපළ ඉලක්ක කර ඩ්‍රෝන මගින් ප්‍රහාර එල්ල කර ඇති බවය. සති දෙකක පමණ කාලයක් තුළ අභා ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල වූ දෙවන වතාව මෙය වේ.

සෞදි ප්‍රමුඛ මිත්‍ර ආරක්ෂක බළඇණියේ ප්‍රකාශක කර්නල් තුර්කි අල් මලිකි (Turki al-Maliki) පැවසුවේ, යේමන – සෞදි දේශ සීමාවේ සිට කිලෝමීටර් 110ක් පමණ දුරින් පිහිටි අභා ගුවන් තොටුපළට රාත්‍රී 9.10ට පමණ (එරට වේලාවෙන්) ප්‍රහාරය එල්ල වූ බවය. එහිදී තුවාල ලබා ඇත්තේ, සෞදි අරාබි, ඊජිප්තු, ඉන්දියානු සහ බංග්ලාදේශ වැසියන් පිරිසකි. එම පිරිසට කාන්තාවන් තිදෙනෙක් සහ ළමුන් දෙදෙනෙක් අයත් වන බව ප්‍රකාශකවරයා පැවසීය.

ප්‍රහාරයෙන් ගුවන් තොටුපළේ පිහිටි අවන්හලකට සහ නවත්වා තිබූ රථවාහන කිහිපයකට හානි සිදුව තිබූ අයුරු සෞදි අරාබියේ රජයට අයත් රූපවාහිනී නාලිකාවක් වන අල් එක්බරියා රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.

BBC

Previous articleජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් වසා ගන්නා නීතියේ අවකෙළි
Next articleගම්මන්පිල වැරදියි.. සිංහල ජනගහනය 10%කින් වැඩි වෙලා – හකීම් කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here