මෛත්‍රීගෙන් සයිබර් ප්‍රහාරයක්…?

ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කල පෞද්ගලික Facebook ගිණුම් හා පිටුවලට මෙන්ම Youtube මුල්කරගත් ප්‍රවෘත්ති හා කාලීන නාලිකා සදහා පසුගිය සති කිහිපය පුරාවට අසාමාන්‍ය ආකාරයේ විවිධ බාධාවන් හා අක්‍රිය වීම් සිදු වී ඇති බවට විවිධ පාර්ශවයන් පැමිණිලි රාශියක් කර ඇති බව නීතීඥ සංවිධාන එකමුතුව සදහන් කරයි.

මේ පිළිබදව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එලෙස සයිබර් ප්‍රහාරයන්ට ලක් වූ හා Facebook සමාජ මාධ්‍ය ජාලයෙන් මකා දැමුණු ගිණුම් හා පිටු බොහෝමයක් ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කළ ඒවා බවයි.

විශේෂයෙන්ම සයිබර් ප්‍රහාරයන් වැළැක්වීම සදහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක්ම මේ වන විට දේශපාලන අතකොළුවක් බවට පත් වී වෛරී ප්‍රකාශ වලට මුවා වී Facebook ආයතනයට ලබාදෙන සාවද්‍ය තොරතුරු හේතුවෙන් හා Facebook ආයතනයට අනුයුක්තව භාෂා පරිවර්තනය සදහා පත්කර ඇති පක්ෂග්‍රාහී පුද්ගලයන්ගේ වැරදි අර්ථකතන මත මේ තත්වයට මුහුණ දීමට මෙරට Facebook පරිශීලකයන්ට සිදු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව එම සංගමය පවසයි.

මිලියන ගණනක පරිශිලකයන් සිටින Facebook සමාජ ජාල වෙබ් අඩවිය හා Youtube නාලිකා ඉදිරි මැතිවරණයකට ආණ්ඩු පක්ෂයට වාසි දායක ලෙස හසුරුවා ගැනීම මෙම සැලැස්මේ කොටසක් බව ඔවුන් අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.

16 − eleven =