ජනාධිපතිවරණය කලින් ගෙනාවොත් ඉල්ලා අස් වෙනවා – මහින්ද කියයි

දීර්ඝ කාලයක් තිස්සේ කල් දමමින් ඇති පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයේ එක මොහොතක්වත් රැඳී සිටින්නේ නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

පළමුවෙන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව මැතිවරණ කොමිසමේ අදහස බවත් එය ජනාධිපතිවරණයකට මසකට කලින් වුවද පැවැත්වීමට කොමිසමට හැකි බවද ඔහු පවසයි. කෙසේ වුවද ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්වුවහොත් ඊට විරෝධය පා තමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු සඳහන් කළේය. මැතිවරණ කොමිසම නොසලකා හරිමින් මැතිවරණ පිළිබඳ තීරණ ගන්නේනම් පමණක් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

ජාතික මැතිවරණ කොමිසම සභාපතිවරයාද ඇතුළුව සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විතය.

Leave A Reply

Your email address will not be published.

eleven + six =