ගෞරවය ඉල්ලා ස්විට්සර්ලන්ත කාන්තාවන් වසර 28කට පසු වීදී බසියි

සමානාත්මතාව දිනා ගැනීම වෙනුවෙන් ස්විට්සර්ලන්ත කාන්තාවන් වසර 28කට පසු නැවත වීදියට පැමිණ තිබේ. පුරුෂයින්ට සාපේක්ෂව ස්විට්සර්ලන්තයේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා වීම ඉතා මන්දගාමී තැනක පසුවන අතර එයට විරෝධය පළකරමින් එරට කාන්තාවන් උද්ඝෝෂණ ආරම්භ කර ඇත.

සමානාත්මතාව දිනා ගැනීම සඳහා එරට කාන්තාවන් පසුගිය ඉතිහාසය පුරාම ඉතා දැඩි පරිශ්‍රමයක් ගනිමින් හිඳියි.  1991 වසරේදීත් සිය අයිතිවාසිකම් වෙනුවෙන් ස්විට්සර්ලන්ත කාන්තාවන් උද්ඝෝෂණ බිමට පැමිණි අතර එවකට ඊට ලක්ෂ පහක පමණ කාන්තාවන් සහය දක්වා තිබුණි.  එදා එනම් 1991 වසරේ එම උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කළ Paola Ferro අද ද වීදියේ සටනට  එක්ව සිටීම විශේෂත්වයකි. 

එමෙන්ම 1991 අරගල බිමට එක්වූ එවකට කුලුදුල්දරු ප්‍රසූතියට සූදානමින් සිටි මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ Beatrice Born ද මෙදා අරගලයේත් කොටස්කාරිනියක වී සිටියි. මෙම පසුබිම තුළ ස්විට්සර්ලන්තයේ කාන්තා අයිතීන් තහවුරු වීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් පවතින බව පෙනෙන්නට තිබේ. 

1991කාලය වන විට ස්විස් ආණ්ඩුවේද කාන්තා නියෝජනයක් නොතිබූණු අතර මාතෘ නිවාඩුව හෝ ලැබී තිබුණේ නැත. 1918 දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව යුරෝපයේ කාන්තාවන් ඒකරාශී වූයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්ද අයිතිය ලබා ගැනීම වෙනුවෙනි. එහෙත් එම අයිතිය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ට 1971 වසර වනතුරු අරගල කිරීමට සිදුවිය. 

ස්විට්සර්ලන්තය තුළ මේ වන විට ආණ්ඩුව පාර්ශවයෙන් ඇමතිවරියන්  08 දෙනෙකු පත්ව සිටින අතර ඔවුන් මාතෘ නිවාඩුවද  දින ගෙන තිබේ. ඉපයීමේදී වුවද පුරුෂයින්ට සාපේක්ෂව 20%ක් අඩුවෙන් කාන්තාවට ඉපැයීම් කිරීමට සිදුව තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ වෘතිමයභාවයන්ගේ පවතින අඩු සැලකිල්ලයි. පසුගිය මාසයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ස්විට්සර්ලන්තයේ කාන්තා වැටුප් පුරුෂයින්ගේ වැටුප්වලට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බවයි. 

සිය අයිතිවාසිකම් දින ගැනීම වෙනුවෙන් ඔවුන්ට දීර්ඝ කාලයක සිට අරගල කිරීමට සිදුව ඇත්තේ එරට කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත වීමේ ක්‍රියාවලියේ පවතින මන්දගාමී ස්වභාවය හේතුවෙනි.

Leave A Reply

Your email address will not be published.

sixteen − 12 =