ගෝඨා නිසා පොහොට්ටුවේ යළිත් ගැටුමක් – අලුත් පක්ෂයක් ගැනත් ඉඟියක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා විපක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ පමණක් බව මහාචාර්ය නලින් ද සිල්වා පවසයි. එය මහින්ද රාජපක්ෂ මහතා විසින් තෝරා දෙයක් නැති බවත් එය පොදු මහ ජනතාවද විසින් එය තෝරා අවසන් බවත් ඔහු සඳහන් කළේය. මෙම අදහස් පළ කරන ලද්දේ ‘ජාතික සමතා බලවේගය’ විසින් කොළඹ දී පැවැත්වූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

එම සම්මන්ත්‍රණය අමතමින් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටු වාහනය සූදානම් නැතිනම් තවත් වාහනයක් පස්ස දොරෙන් සූදානම් කර ගත යුතුව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ යම් සිරකිරීමට ලක් සිර කිරීමකට ලක්කර එම වාහනයේ වෙනත් පුද්ගලයෙක් නැග ඒමට සූදානම් බවට තොරතුරු ඇති බවද වහන්සේ කියා සිටියහ.

Leave A Reply

Your email address will not be published.

18 − eighteen =