Hot 9 Play ස්මාර්ට් ෆෝන් මාදිලිය සමඟින් Infinix ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි !

අතිනවීන තාක්ෂණය ප්‍රිය නූතන තාරුණ්‍යය වෙනුවෙන්ම නිර්මාණය කෙරෙන අන්තර්ජාල කේන්ද්‍රීය සුපිරි ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන Infinix Mobile හි නවතම මාදිලිය වන Hot 9 Play පසුගිය දා හඳුන්වා දෙන ලදී. නූතන ජීවන විලාසිතාවට මනාව ගැළපෙන සිහින්, සුසිනිඳු නිමාවකින් යුතු Hot 9 Play දැරිය හැකි පහසු මිලකට හොඳම ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයන මධ්‍යම පාන්තිකයන්ගේ අවශ්‍යතා හා මනාව සැසඳෙන හොඳම විකල්පයයි.

වර්ෂ 2013 සිට  “THE FUTURE IS NOW” තේමාව පෙරදැරි කොටගෙන දිනෙන් දින වෙනස් වෙන වෙළෙඳපොළ ප්‍රවණතා අනුව යාවත්කාලීන වෙමින් තමන්ටම සුවිශේෂී වූ නව්‍යකරණයෙන් පිරිපුන් තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලියකින් යුතුව ZERO, NOTE, HOT, S සහ SMART යන නිෂ්පාදන මාදිලි 5න් ස්මාර්ට් ජංගම දුරකථන පෙළක් Infinix විසින් හඳුන්වා දෙයි.

නූතන තරගකාරී කාර්යබහුල ජීවන රටාවනට වඩාත් හොඳින් ගැළපෙන 8.9 mm ප්‍රමාණයේ සිහින් ආකර්ෂණීය හුරුබුහුටි නිමාවකින් යුතු Hot 9 Play ස්මාර්ට් ජංගම දුරකථනය 6.82” ්HD+ cinematic display සමග 20.5:9 පරිමාණයේ අතිසුපැහැදිලි තිරය Imax movie පරිමාණයට වඩාත් සමීප සිනමාරූපී වීඩියෝ/ඡායාරූප අත්දැකීමක් ඔබේ අත්ල මතට රැගෙන එයි.

ස්මාර්ට් ජංගම දුරකථන බැටරිය පිළිබඳ වත්මන් තාරුණ්‍ය මුහුණපාන ගැටලු සියල්ලට තිරසර විසඳුමක් Hot 9 Play හඳුන්වා දෙයි. AI power optimization system, Battery Lab  නවතම තාක්ෂණයෙන් සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථනයක බැටරි standby time හා සැසැඳීමේ දී Hot 9 Play බැටරිය 15%ක වැඩිදියුණු කළ අමතර ධාරිතාවකින් සමන්විත ය. වෙනත් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සැසැඳීමේ දී Hot 9 Play බැටරි ආයු කාලය 60%ක ප්‍රමාණයකින් වැඩිදියුණු කර දීර්ඝ කාලයක් භාවිත කිරීමට උචිත ලෙස සකසා ඇත. නවතම ඇන්ඩ්‍රොයිඞ් සංස්කරණය වන Android 10 (Go Edition) සමඟ එන Hot 9 Play වැඩිදියුණු කළ ආරක්ෂාවක් සමඟ වේගවත් app-switching සහ 10%ක වැඩිදියුණු කළ වේගවත් app launch-rate සමීප කරමින් app ක්‍රියාකාරීත්වය සඳහා වේගවත් හා කාර්යක්ෂම පසුබිමක් සලසා දෙයි.

Hot 9 Play සතු 13MP ද්විත්ව කැමරා දිවා රාත්‍රී දෙකෙහිම ඕනෑම ආකාරයක ඡායාරූප ඉතා උසස් තත්ත්වයෙන් ගැනීමෙහි ලා උපකාරී වෙයි. 8MP ඉදිරිපස කැමරාව image-enhancing AI තාක්ෂණයෙන් අති සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ලබා දෙයි.

සෙල්ෆි ඡායාරූපවල brightness අගය ස්වයංක්‍රීයව සීරුමාරු වන නිසා දවසේ ඕනෑම වේලාවක ඉතා පහසුවෙන් හොඳම සෙල්ෆි ඡායාරූපයක් ලබා ගත හැකිය.

Facial Recognition, Fingerprint ID  තාක්ෂණයෙන් ද පිරිපුන් Hot 9 Play හි ද්විත්ව ක්‍රියාකාරී ඩුවල් සිම් පහසුකම අන්තර්ගත ය. ූQuetzal Cyan, Midnight Black, Violet සහ Ocean Wave යනාදී jewel-tone වර්ණ රටා අතුරින් සුඛෝපභෝගී නිමාවකින් යුතුවෙයි. Infinix පිළිබඳ වැඩිදුර තොරතුරු http://www.infinixmobility.com වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැකිය●

පුෂ්ප එපිටකඩුව

Leave A Reply

Your email address will not be published.

10 − five =