සාෆි සමඟ චන්න ජයසුමනට පෞද්ගලික ගැටුමකුත් තිබිලා !

සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කළ බවට කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව චෝදනා එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය චන්න ජයසුමනගේ මැදිහත්වීමට පෞද්ගලික ගැටුමක් ද හේතු වී ඇතැයි වාර්තා වේ. 

වෛද්‍ය සාෆිගේ බිරිඳ ද  වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරියකි. වකුගඩු රෝග සම්බන්ධයෙන් කලකට ඉහත ඇතිවූ සංවාදයකදී වෛද්‍ය සාෆිගේ බිරිඳ සහ මහාචාර්ය චන්න ජයසුමන අතර බහින්බස් වීමක් සිදුව ඇත. ඊට වෛද්‍ය සාෆි ද මැදිහත්ව ඇති අතර මහාචාර්යවරයා ඉන් පසුව වෛද්‍ය සාෆි සමඟ වෛරයෙන් පසුව ඇති බව සඳහන්. 

වඳ සැත්කම් 4000ක් කළ තව්හිද් ජමාත් වෛද්‍යවරයකු සම්බන්ධයෙන් නම් ගම් විස්තර නොමැතිව දිවයින පුවත්පතේ පළ කෙරුණු මුල්ම පුවත උපුටා දක්වමින් එම වෛද්‍යවරයා යනු සහාබ්දීන් සාෆි බවට හැඟවෙන පරිදි මුල්ම ෆේස්බුක් සටහන පළ කරන ලද්දේ මහාචාර්ය චන්න ජයසුමන විසිනි. මෙකී වඳ සැත්කම් කතාව පටළැවීම පසුපස ව්‍යාපාරික අරමුණු, දේශපාලන අරමුණු, දේශපාලන පළිගැනීම්, පෞද්ගලික ගැටුම් ඇතුළු සිදුවීම් ගණනාවක් පවතින බව දැනට අනාවරණය වී තිබේ. 

LNW

Leave A Reply

Your email address will not be published.

1 × 4 =