රිෂාඩ්ටත් ඇමතිකම දෙන්න එජාපය සූදානමින්

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන් නැවත ඇමති ධුරයේ වැඩ බාර ගනු ඇති බව රාජ්‍ය ඇමති අජිත් මාන්නපෙරුම සදහන් කරයි. බදියුදීන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන පරීක්‍ෂණ අවසන් වූ පසු ඔහු ඇමති ධුරය බාර ගනු ඇතැයි මාන්නප්පෙරුම රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

මුස්ලිම් ඇමතිවරුන්ට ධුරයන්ගෙන් ඉල්ලා අස්වෙන්නැයි කිසිවෙකු නොකී බවත් නැවත ඇමති ධුරයන් බාරගන්නා ලෙස මහනාහිමිවරුන්ද ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කලේය. රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන් වී පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Leave A Reply

Your email address will not be published.

three + four =