ජනපති විරෝධය නොතකා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියාත් කැඳවයි

පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට 20 දින පෙනී සිටින්නැයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට දැනුම් දී තිබේ. ෆැක්ස් පණිවුඩයක් මගින් තේරීම් කාරක සභාව විසින් මෙම දැනුම්දීම කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

සක්‍රිය රාජකාරියේ සිටින කිසිදු ආරක්ෂක නිලධාරියෙකු තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් පසුව මෙම කැඳවීම කර තිබීම විශේෂත්වයකි. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙම සභාව ඉදිරියට කැඳවා ඇත්තේ කලින් අවස්ථා ගණනාවකදීම ලබාදුන් ප්‍රකාශ දී ප්‍රකාශවල ඔහුගේ නම සඳහන් වූ නිසාය.

Leave A Reply

Your email address will not be published.

seventeen − seven =